ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 238 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද (15) මේ වනවිට කොරෝනා වයිරසය අසාදනය වූ රෝගීන් 5 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
අද දින වාර්තා වූ රෝගීන් 5 දෙනාගෙන් 4 දෙනෙක් ම නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින් වන අතර ඉන් දෙදෙනෙක් යාපනයේ පලාලි නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
අනෙක් රෝගියා රෝහල් ගතව ප්‍රතිකාර ලබන අයෙකු බවත් හෙතෙම සඳහන් කළේය
මේ වන විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 63 දෙනකු සුවය ලබා පිටව ගොස් තිබේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධයක් පරාජය කළ අපිට කොරෝනාව මොකක්ද? හිමින් සැරේ අපි කොරෝනා වලිනුත් අපි ජයග්‍රහණය කරනවා.