(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් අවදානමක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානය තාවකාලිකව වසා දමා ඇතැයි එහි ආරංචිමාර්ගවලින් පැවසේ.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීයෙකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරියගේ ස්වාමිපුරුෂයාට කොවිඩ් ආසාදනයවී ඇතැයි හඳුනා ගැනීම නිසා මධ්‍යස්ථානය මෙසේ වසා දැමූ බවයි.
මේ පිළිබඳව තොරතුරු හෙළිවීමෙන් පසු එම වෛද්‍යවරිය සිය නිවෙසේ නිරෝධායනයට යොමුවී සිටින්නීය.
කෙසේ වෙතත් එම වෛද්‍යවරියට සහ වෛද්‍ය මධ්‍යස්ථානයේ අනෙකුත් සේවක සේවිකාවන්ට කොවිඩ් ආසාදනයවී නැතැයි රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී තහවුරු වී ඇති බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
වෛද්‍ය මධ්‍යස්ථානය විෂබීජහරණය කිරීමට ඊයේ පියවර ගැනුණු අතර මධ්‍යස්ථානය සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව අද (11)නැවතත් විවෘත කිරීමට නියමිතය.
මේ අතර පාර්ලිමේන්තුවේ විවිධ අංශවලින් කොවිඩ් රෝගීන් පස් දෙනකු පමණ පසුගිය දින කිහිපයේදී හමුවී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් කාණ්ඩ වශයෙන් එහි කැඳවීමට පාර්ලිමේන්තු බලධාරීන් තීරණය කර ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානයක් තියනවද ? දන්නේත් අදයි .
අපොයි ,රැක ගැනීමටම වටින පාර්ලිමේන්තුවක්නේ අපිට තියෙන්නේ .නේද ?
ශ්‍රීලංකා මහා ජනතාවගේ එකම පැතුම ඉටුවන ලකුණු
ඇයි වහන්නේ? ඇරලා තියලා කට්ටියට ගැවසෙන්න ඉඩ හරින්න..
පශු වෛද්‍ය මධ්‍යස්ථානයක් තමා ඔතැනට හරියන්නේ? සත්තුත් ගේ නම් කියනවා වැඩිපුරම ඇහෙනවා.