IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


කාර්තිව් සිද්ධියට විදුහල්පති ඇතුළු හතරක් අත්අංගුවට

(වසන්ත චන්ද්‍රපාල)

අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිංචි සිසුන්ට  නිවාඩු ලබා දී සිසුන් අනාරක්ෂිතව ට්‍රැක්ටරයක් දමා නිවෙස්වලට යැවිම පිළිබදව එම අරාබි විදුහලේ විදුහල්පතිවරයා සහ ගුරුවරයකු සමග තවත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව  පොලිසිය කියයි.

මෙම සිසුන් නිවසට යැවිමට විදුහල්පතිවරයා ඇතුලු ආචාර්ය මඩුල්ල තිරණය කර ඔවුන් විදුහලෙන් ඉකුත් 26 වෙනි දින පිටත් කර ඇත.

කාර්තිව් හන්දිය දක්වා පැමිණි මෙම සිසුන් සමන්තුරේ බලා යෑමට වාහනයක් නොතිබු නිසා මාවඩිපල්ලි මාර්ගයේ ගමන් කරමින් තිබු ටැක්ටරයක නැගි සමන්තුරේ දක්වා යෑමට පිටත්ව ගොස් තිබේ.

එම යන අතරතුරදි ටැක්ටරය පාරෙන් ඉවතට පැන පෙරලිම නිසා සිසුන් හයදෙකකු ඇතුලු අට දෙනකු අතුරුදහන්විය.

ට්‍රැක්ටරයේ ගමන් ගත් සිසුන් පස්දෙනකු පමණක් බේරා ගැනිමට අවට සිටි පිරිස් සමත්වූහ.

මෙම සිදුවිම පිළිබදව අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරි එන්. ජයපත්ම මහතා ගේ උපදෙස් පරිදි විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ අතර එම පරීක්ෂණය අක්කරපත්තුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේසිංහ මහතා විසින් සිදුකර මෙම සිව්දෙනා අත් අඩංගුවට ගැනිම සිදුකරනු ලැබිය.

 



අදහස් (1)

කාර්තිව් සිද්ධියට විදුහල්පති ඇතුළු හතරක් අත්අංගුවට

sam Friday, 29 November 2024 02:30 AM

අහිංසක ළමයින්ගේ ජීවිත එක්ක සෙල්ලම් කළා. වගකීමක් නැති අයට දැඩි දඬුවම් දිය යුතුයි.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 21 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1555 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1680 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site