( පුෂ්පකුමාර ජයරත්න )
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ තාවකාලික අධ්‍යක්ෂවරයා ලෙස පත්කළ වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.ෆරීඩ් මහතා සිය කැමැත්තෙන්ම එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත .
හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාට එරෙහිව එල්ලවී ඇති චෝදනා විමර්ශනය කරන තෙක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ තනතුරේ වැඩ බැලීම සඳහා වෛද්‍ය ෆරීඩ් මහතාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විසින් මාසයක කාලයකට පත්කර තිබූ අතර ෆරීඩ් මහතා ඒ අනුව පසුගිය 5 වන දින එම තනතුරේ වැඩ බාර ගත්තේය .
තමන් එම තනතුරේ තාවකාලිකව වැඩ බාර ගත් දින සිට කිසියම් පිරිසක් වඳසැත්කම් චෝදනාවට ලක්ව සිටින ෂාෆි ෂියාබ්දීන් නමැති වෛද්‍යවරයා සහ තමන් සම්බන්ධ කර ජාතිවාදයක් නිර්මාණය කිරීමට උත්සාහ දැරීම හේතුවෙන් තමන් එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ෆරීඩ් මහතා පැවසීය .
ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයාට එරෙහි නඩුවක් අධිකරණයේ විභාගයට ගනිම්න් සිටින අවස්ථාවක එම වෛද්‍යවරයා සම්බන්ධ කරගෙන තමන්ට චෝදනා නැඟීම සම්පුර්ණයෙන්ම වැරැදි සහගත ක්‍රියාවක් බවද මෙවැනි වාතාවරණයක් හමුවේ තමන්ට කුරුණෑගල ශික්ෂණ රෝහලේ රාජකාරි කිරීම අපහසු බැවින් මෙසේ තනතුරෙන් ඉවත් වීමට තීරණය කළ බවද එ් මහතා පැවසීය .
ඒ අනුව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ධූරයේ තාවකාලිකව රාජකාරි කටයුතු සඳහා කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රමිතා මහත්මියව නිර්දේශ කර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දන්වා යැවූ බවද වෛද්‍ය ෆරීඩ් මහතා ප්‍රකාශ කළේය .
කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂව සිටි වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා එම තනතුරෙන් ඉවත් කර වැඩ බැලීම සඳහා පත් කළ වෛද්‍ය ෆරීඩ් මහතා එම තනතුරෙන් ඉවත් නොකළහොත් ඊට එරෙහිව විරෝධතාවයක් දියත් කරන බව වඳසැත්කම් සිද්ධිය සමිබන්ධයෙන් අගතියට පත් මවුවරුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් පිරිසක් මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රකාශ කළහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුරුණෑගල ඇතිවුණු අවාසනාවන්ත සිදුවීම් වලට සම්පූර්ණ වගකීම බාරගත යුත්තේ දේශපාලුවෝ.
මේ ආරම්භයක් ද ?
දැන් ඔය සැත්කම ගැන ලොකුවට කතාකළා අතුරලියේ හිමියන් කෝ? වෛද්‍ය විද්‍යාව පිළිබඳව මෙලෝ හසරක් නොදැන, කටකතා වෛද්‍ය විද්‍යාවට අදාළ කර ගනිමින් රංගනයක් සිදුකළ, රත්න හිමියන් හා රෝහල් අධ්‍යක්ෂක සරත් වීර බණ්ඩාරට දැන් සත්‍යය යථාර්ථයට මුහුණ දීමට සිදුව ඇති හැඩයි... මුස්ලිම් ජාතික නව අධ්‍යක්ෂක වෛද්‍ය ෆරීඩ් මහතා උගත් මෙන්ම ප්‍රඥාවන්ත මනුස්සයෙක්. එනිසා තමයි ඔහු මේ මැතිවරණයේදී, දේශපාලකයින් පාවිච්චි කරන ඉත්තෙකු නොවී, නව තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කොට ඇත්තේ. ඔබ වැනි වැදගත් වෛද්‍යවරුන්ගේ හිඟය තමයි මේ රටේ පවතින්නේ. ලංකාවේ තක්කඩි දේශපාලන අධිකාරියේ නින්දිත ක්‍රියා ගැන අවබෝධ වීමට නම් බුද්ධිමත් විය යුතුයි. කොහෙද ඉතින් බහුතරයක් ඉන්නේ, ටිකිරි මොළ කාරයින්නේ?
ප්‍රමිතා දෙමල නේද? දැන් සතුටුද?
ජාතිවාදී නොවූ මොලේ ඇති මිනිසෙක්!
වෛද්‍ය එන්.ෆරීඩ් මහතා කල දෙය අගය කල යුතුය. කුරුණෑගල රෝහල දැනට ප්‍රශ්න ගොඩක් ඇතිවී තිබෙන තැනක්. එතන තවත් සිටියා නම් ප්රශ්නය ඉදිරියටත් ඇදෙන්නට පුළුවන්.
පාස්කු නාඬගමේ ඉතුරු කොටස.. කෝ..සාෆි?,නාමල් කුමාර.. තව හොඳ කෑලි ඉස්සරහට බලන්න පුලුවන් වෙයි.
ඔය ඉල්ලා අස්වීම හැම අතින්ම ඇඟට ගුණයි.