IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කුරුණෑගල මහෙස්ත්‍රාත් මූලික අයිතිවාසිකම් අයදුම්පතක්

(මනෝප්‍රිය ගුණසේකර)

අධිකරණ නිලධාරීන්ට උසස්වීම් සහ විදේශ නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් විනිවිද භාවයෙන් යුතු, විශ්වාසදායක සහ තාර්කික ප්‍රතිපත්තියක් ස්ථාපිත කරන්නැයි ඉල්ලා කුරුණෑගල මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් අයදුම්පතක් ගොනු කළේය.

විදේශයන්හි සේවය කර පැමිණි අධිකරණ නිලධාරීන්ට අධිකරණ සේවා කොමිසම ඒකාකාරිව නොසැළකා ඇතැයි සඳහන් කරමින් මෙම මුලික මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කරන කුරුණෑගල මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරුවරයා සේවා ව්‍යවස්ථාවක් හෝ බඳවා ගැනීමේ සහ උසස්වීම් ක්‍රමයක් සහිත රාමුවක් අධිකරණ සේවා කොමිසමට නොමැති වීම හේතූවෙන් අසාධාරණකම් වලට හැකියාව ඇති බවද පෙන්වා දෙමින් මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර ඇත.

කුරුණෑගල මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු බන්ධුල ගුණරත්න මහතා ගොනු කර ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අධිකරණ සේවා කොමිසම, එහි සාමාජිකයන්, එහි ලේකම්වරයා, නීතීපතිවරයා සහ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඇතුළු මහෙස්ත්‍රාත්වරුන් 46 දෙනෙකු නම් කර ඇත.

නීතීඥ සංජීව කළුආරච්චි මහතා සිය පෙත්සම ගොනු කරන පොදුරාජ්‍ය මණ්ඩලීය මහේස්ත්‍රාත්වරුන්ගේ සහ විනිසුරුවරුන්ගේ සංගමයේ සාමාජිකයෙකු සහ ෆීජි රාජ්‍යයේ සේවය කර ඇති කුරුණෑගල මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු බන්ධුල ගුණරත්න මහතා 2004 වර්ෂයේදී නීතීඥවරයකු වශයෙන් පත්වු තමන් 2008 වර්ෂයේදී අධිකරණ නිලධාරියකු වශයෙන් තේරී පත්වු බව සඳහන් කර ඇත.

2008 වර්ෂයේ සිට මේ දක්වාම ලංකාවේ විවිධ අධිකරණ වල සේවය කර ඇති තමන් අධිකරණ සේවා කොමිසමේ අනුමැතිය සහිතව ෆීජි රාජ්‍යයේ විනිසුරුවරයකු වශයෙන් සේවය කළ බවද එහි සේවා කාලය අවසන්ව යළි ලංකාවට පැමිණ විවිධ අධිකරණ වල සේවය කළ බවද සඳහන් කරන බන්ධුල ගුණරත්න මහතා අධිකරණ සේවා කොමිසමේ අනුමැතිය සහිතව විදේශ රටවල සේවය කළ වෙනත් විනිසුරුවරුන්ට සේවා අඛණ්ඩතාවය සැළකිල්ලට ගතු ලැබුවත් තමන්ගේ සේවා කාලය සැළකිල්ලට ගැනීමට අධිකරණ සේවා කොමිසම පියවර නොගත් බව සඳහන් කර ඇත.

තමන්ගේ සේවා කාලය සැළකිල්ලට ගන්නා ලෙස තමන් අවස්ථා කිහිපයකදීම අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලීම් කළත් ඊට නිසි ප්‍රතිචාර නොලැබුණු බවත් විදේශිය සේවා කාලය ගණන් නොගැනීම හේතූවෙන් තමන්ට වඩා කණිෂ්ඨ නිලධාරීන් තමන්ගේ සේවා කාලයට වඩා වැඩි සේවා කාලයක් ගණනයය කිරීම නිසා තමන්ගේ ජ්‍යෙෂ්ඨත්වය අඩු වීමෙන් තමන්ගේ මුලික අයිතිවාසකම් කඩ වු බවත් සඳහන් කරන පෙත්සම්කාර බන්ධුල ගුණරත්න මහතා විදේශයන්හි සේවය කර පැමිණි අධිකරණ නිලධාරීන්ට අධිකරණ සේවා කොමිසම ඒකාකාරිව නොසළකා හැර ඇතැයි පෙන්වා දී ඇත.

සේවා ව්‍යවස්ථාවක් හෝ බඳවා ගැනීමේ සහ උසස්වීම් ක්‍රමයක් සහිත රාමුවක් අධිකරණ සේවා කොමිසමට නොමැති වීම හේතූවෙන් අධිකරණ නිලධාරීන් අසාධාරණකම් වලට ලක්වීමේ හැකියාව ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කාර බන්ධුල ගුණරත්න මහතා අධිකරණ නිලධාරීන්ට උසස්වීම් සහ විදේශ නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් විනිවිද භාවයෙන් යුතු, විශ්වාසදායක සහ තාර්කික ප්‍රතිපත්තියක් ස්ථාපිත කරන්නැයි ඉල්ලා සිටී.

තම පෙත්සම විභාග කර තමන්ගේ මුලික අයිතිවාසකම් කඩ වු බවට තීන්දුවක් දෙන්නැයි පෙත්සම්කාර බන්ධුල ගුණරත්න මහතා තම පෙත්සම විභාග කිරීමට අවසර දෙන්නැයි ඉල්ලීමක්ද කර ඇත.

 



අදහස් (2)

කුරුණෑගල මහෙස්ත්‍රාත් මූලික අයිතිවාසිකම් අයදුම්පතක්

සුධීර Monday, 02 September 2024 03:44 AM

අභීතව විනිශ්චය දෙන ජනතාව ආදරය කරන අනතිමානි නඩුකාරතුමෙක්. දේශපාලුවෝ එතුමා එක්ක තරහයි. උසස්වීම් නොදෙන්න හේතුව එය වියයුතුයි. දේශපාලුවන්ගේ උදහසට ලක්වෙලා එතුමාට දඬුවම් මාරු ලැබුනා කියලා නීතිවේදි අපි දන්නවා.

:       0       1

S,p,bandara Wednesday, 04 September 2024 11:51 AM

ඔය උසාවි වල නඩු කල්දාලා මිනිස්සුගෙ අයිතිවාසිකම් නොවේ ඇදන් ඉන්න රෙද්දත් නැතිවෙලා තියෙන්නෙ.නඩුවක් දැම්මාම උත්තර බදින්න තුන් පාරක් මාස තුන ගානෙ කල්දෙනවා.ඊට අමතරව පස් වතාවක් දින ගත් නඩු තියෙනව.වචනයක් නැතිව අවු 1හමාරක් එතැනම ඉවරයි.නීතීවේදියො එහෙම බෑ තුන්පාරයි කියනවා.ඒත් නඩුකාරයා 5ස් වතාවක් කල් දෙනවා.මේ කොමිසම විතරක් නෙමේ උසාවි ක්‍රමයම කනපිට ගස්සවන්න ඕන.මාලිමාවට ජය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 642 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site