කුරුණෑගල මහ නගර සභාවට අයත් කඩ කාමර බදු දීමේදී පළමුව කඩ තක්සේරු කර විෂය භාර අමාත්‍යවරයාගේ ( ආණ්ඩුකාරවරයාගේ ) අනුමැතිය ලබාගෙන ටෙන්ඩර් ක්‍රමවේදය අනුගමනය කරමින් බදු දිය යුතු වුවද එසේ නොකර අවිධිමත් ලෙස ලංසුකරුවන්ට ටෙන්ඩර් අයදුම්පත් ලබා නොදී කඩ කාමර ලබා දීමේ ක්‍රමවේදයක් කුරුණෑගල මහ නගර සභාව විසින් අනුගමනය කර ඇති බව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කර ඇති විගණන වාර්තාවේ සඳහන්ව ඇත.
ප්‍රසම්පාදනය මුවාවෙන් කුරුණෑගල මහ නගර සභාව සතු වටිනා කඩ කාමර නගරාධිපතිවරයා, නාගරික මන්ත්‍රීවරුන්, මහ නගර සභාවේ උසස් නිලධාරීන්, සේවකයින්, කොන්ත්‍රාත්කරුවන් සහ හිතවතුන් අතරේ බෙදා ගැනීම සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණයකදී මෙම කරුණු අනාවරණය වී ඇති බව ජාතික විගණන අධිකාරි ඒ.එන්.එන්.පෙරේරා මහතා විසින් නිකුත් කරන ලද එම වාර්තාවේ සඳහන්වේ.
දේශපාලන අධිකාරියට කඩ කාමර බදු දීමේ ක්‍රමවේදය පිළිබඳව අවබෝධයක් නොමැති වුවද කුරුණෑගල මහ නගර සභාවේ සේවය කරන පළපුරුදු පරිපාලන සේවයේ නිලධාරීන් හා වෙනත් දීප ව්‍යාප්ත සේවාවල නිරත නිලධාරීන්ද නියමිත ක්‍රමවේදය අනුගමනය නොකරමින් නාගරික මන්ත්‍රීවරුන්ට, නිලධාරීන්ට හා සේවකයින් වෙත කඩ කාමර බෙදා හැරීමට අනුබලය ලබාද ඇති බවද විගණනයේදී නිරීක්ෂණයවූ බව එම වාර්තාව මඟින් කියා සිටී.
බදුකරුවන් කඩ කාමර බදු ගත් පසුව එදින සිටම විවිධ පාර්ශ්ව වලට කඩ කාමර බැහැර කිරීමට ක්‍රමවේදයක් කුරුණෑගල මහ නගර සභාවේ බලධාරීන් විසින්ම සකස් කරදී තිබෙන බැවින් කඩ කාමර බදු ගෙන නැවත විකිණීමේ ජාවරමක් ක්‍රියාත්මක වන බවද එම වාර්තාව මඟින් චෝදනා කර තිබේ.
එම වාර්තාවට අනුව මහ නගර සභා ආඥා පනත උල්ලංඝනය කරමින් කුරුණෑගල මධ්‍යම වෙළදපොළ භූමියේ, කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පොළේ සහ කුරුණෑගල මාලිගා පිටිය වෙළඳ සංකීර්ණයේ කඩ කාමර ලබා ගත් පිරිස සහ ඔවුන් ලබාගෙන ඇති කඩ කාමර සංඛ්‍යාව මෙසේය. නගරාධිපතිවරයාගේ සහ මන්ත්‍රීවරුන්ගේ නිවෙස් වල ලිපින භාවිතා කරමින් කඩ කාමර ලබාගෙන ඇති බව විගණන වාර්තාවෙන් පෙන්වාදී ඇත.
කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාගේ පෞද්ගලික ලිපිනය භාවිතා කරමින් කඩ කාමර 3 ක්, පොදු පෙරමුණු මන්ත්‍රීවරුන් වන දම්මිත් නන්දලාල් අතුකෝරාල මහතාගේ පෞද්ගලික ලිපිනය භාවිතා කරමින් කඩ කාමර 4 ක්, අරුණි මහේෂිකා ප්‍රේමසිරි මහත්මයගේ පෞද්ගලික ලිපිනය භාවිතා කරමින් කඩ කාමර 4 ක්, සමූද්‍රා සුභාෂිණි බාලසූරිය මහත්මියගේ පෞද්ගලික ලිපිනය භාවිතා කරමින් කඩ කාමර 4 ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී සමන්ත කුමාර කරුණාසිංහ මහතාගේ ලිපිනය භාවිතා කරමින් කඩ කාමර 3 ක්, බී.ඒ.සුසන්ත මහතාගේ ලිපිනය භාවිතා කරමින් කඩ කාමර 1ක්, විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන කුරුණෑගල මහ නගර සභාවේ විපක්ෂ නායක ඩබ්ලිව්.ඒ.විජයානන්ද වෙඩිසිංහ මහතාගේ ලිපිනය භාවිතා කරමින් කඩ කාමර 2 ක්, විපක්ෂයේ සංවිධායක පී.එම්.වරුණ ප්‍රේමරත්න මහතාගේ ලිපිනය භාවිතා කරමින් කඩ කාමර 2 ක්, ඒ.ඩී.තාරක ලිවේරා මහතාගේ ලිපිනය භාවිතා කරමින් කඩ කාමර 2 ක්, එම්.එම්.මොහොමඩ් රිස්වි මහතාගේ ලිපිනය භාවිතා කරමින් කඩ කාමර 2 ක්, බී.ඩී.සුමේධ අරුණශාන්ත මහතාගේ ලිපිනය භාවිතා කරමින් කඩ කාමර 3 ක් ලබාගෙන ඇති බව එම විගණන වාර්තාවේ සඳහන්ව ඇත.
මෙම නාගරික මන්ත්‍රීවරුන්ගේ නමින්ම සහ ඔවුන්ගේ විවිධ ඥාති සම්බන්ධතා පෙන්වමින් හෝ ඔවුන්ගේ පෞද්ගලික ලිපින භාවිත කරමින් මෙම කඩ කාමර අවිධිමත් ලෙස ලබාගෙන තිබෙන බවට එම වාර්තාවෙන් පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනික් හැම දේම නිලධාරීන්ට කරන්න පුළුවනි නම් ඇමතියෙක් මොකටද.?
ඕක තමයි රාජපක්ෂලාගේ ක්‍රමවේදය. රාජපක්ෂලාගේ වැඩ ගැන හොයන්න එපා.
මුළු රටම විනාශකොට, හොරාකා, නැතිබන්ගස්ථාන කරපු " සුනාමි හොරා " කුරුනෑගලට මන්ත්රිවෙලා පැමිණි දවසේ සිටම ...කුරුනෑගල විනාශයි. හැබැයි... සුනාමියෝ, නව රජයක් පත්වුන වහාම හිරේ යන්න ලැහැස්තිවෙලා , දැන්ම ජම්පර් අඳින්න පුරුදු වුනොත් හොඳයි.
මීළඟ වතාවෙත් මේ හොරු ටික පන්නලා උගත් කණ්ඩායමක් පත් කර ගනිමු.
පුළුවන් අය ලොකු ලොකු හැඳි වලින් බෙදාගන්නවා.
ඔය දේ කෝට්ටේ නගර සභාවෙන් හදපු ජනජය සිටි එකත් කළා... අන්තිමට කඩ ඔක්කොම නගර සභාවේ කට්ටිය අරගෙන. අන්තිමට කඩ ගන්න වුණේ එයාලාට සල්ලි දීලා.