( දිල්රුක්ෂි ග්‍රේරු )
කුරුණෑගල දිසාබාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ කොට්ඨාසබාර පොලිස් අධිකාරීවරයා ස්ථානමාරු කිරීමට තීරණය කළ බව ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිලධාරියෙක් පැවසීය.
කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා ත්‍රිකුණාමල දිසාවබාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත් මහින්ද දිසානායක මහතා කිලිනෝච්චි කොට්ඨාසභාර නිලධාරියා ලෙසත් ස්ථාන මාරු කිරීමට කොමිෂන් සභාවේ අනුමැතිය ලබා දී ඇතැයි එම නිලධාරියා සඳහන් කළේය.
මෙම නිලධාරීන් කුරුණෑගල ප්‍රදේශයේ සිටීමෙන් ,කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සේගු ෂිහාබ්දීන් මොහොමඩ් සාෆි මහතා සම්බන්ධ විමර්ශනයට බාධා ඇති වේ යැයි පවසමින් වැඩබලන පොලිස්පතිවරයා විසින් පසුගිය 27 වැනිදා කළ ඉල්ලීමක් අනුව මෙම ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ්ක කැන්සල් කරලත් ඉවරයි.
මේක බලන අපිට නම් පේන්නේ සාෆි අල්ලපු එකට කරපු වැඩක් වගේ... මේවා මහා නරක වැඩ... හොඳට වැඩ කරන අයගේ චිත්ත ධෛර්ය බින්දුවට දමන එක යහපාලනයේ කොටසක්ද?
මානුෂීය බව හොඳට හඳුනන, නීතිය ක්‍රියාත්මක කරන අවංක නිලධාරියෙක්..!!!
තමන්ගේ රාජකාරිය හරියට කරා නම් කාටවත් ඔහොම වෙන්නේ නැහැ. මොකද ඔය කියන පොලිස් නිලධාරියාගේ බිරිඳ වැඩ කරන්නේ ඔය රෝහලේමයි. තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් සහ දේශපාලන අරමුණු වෙනුවෙන් වැඩ කළාම ඔහොම දේවල්වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා තමයි...
අල්ලාගේ බලය වේ ...
අපේ රටට ගිය කලදසාවක්. අන්තවාදීන්ගේ කළු සල්ලිවලටයි, සුළු ඡන්ද ටිකටයි රටම කණපිට පෙරළන නිවට පාලනය... මේවායේ කෙළවරක් තිබිය යුතුයි. කාලිංග මාඝ කාලෙ වගේ දැන් රට. ඡන්දයක් තියන්නේ නෑ. ඒකටත් වංගු දදා ඉන්නවා. බලමු තව කොච්චර කාලයක් මේ නිවට නියාලු අවනීතිය රජයයිද කියලා...
සුදු තොප්පි දාන කට්ටිය ඉදිරියේ පොලිසිය බලුවේ. නීතිය දඟරයක් මෙන් නැවී ඇත.
රටකට ගිය කලක්... බොහොම දුකයි.
ජාති භේදේ අවුස්සා වාසි ගන්න බලන මේවගේ අය පොලිස් දෙපාර්තමේන්තුවෙන්ම අයින් කරන්න ඕනෑ.