
(පුෂ්පකුමාර ජයරත්න )
කුරුණෑගල නගරාධිපති ඇතුළු පස්දෙනා පොලිසිය මගින් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට අසමත් වීම පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන ලද කරුණු සැළකිල්ලට ගත් කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස අද (10) නැවත වරෙන්තු නිකුත් කළේය.
කුරුණෑගල ඉපැරැණි රාජසභා මණ්ඩපය කඩා දැමීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති ඇතුළු පස්දෙනා චෝදනා ලැබ සිටිති.
නගරාධිපති ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස වැඩබලන පොලිස්පති මගින් කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා වෙත මහේස්ත්‍රාත්වරයා මෙලෙස අද (10) නැවත වරෙන්තු නිකුත් කළේය.
නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා එම නියෝගය නිකුත් කළේය.
ඒ අනුව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා සමඟ නාගරික කොමසාරිස්, ප්‍රධාන නාගරික ඉංජිනේරු, අනවසර ඉදිකිරීම් ඉවත් කරන නිලධාරියා සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කරන කුරුණෑගල විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ආර්.ඩී.කුලතුංග මහතා වෙත නියම කරන්නැයි මහේස්ත්‍රාත් වැඩබලන පොලිස්පති වෙත නියෝගයක් නිකුත් කළේය.
එම නියෝගය ක්‍රියාත්මක කරවීම සඳහා එම නියෝගයේ පිටපත් වැඩබලන පොලිස්පතිවරයා මාර්ගයෙන් වයඹ පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට, කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට, කුරුණෑගල කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට සහ කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වෙත යවන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
කුරුණෑගල විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් අධිකරණ නියෝගය පැහැර හරිමින් කුරුණෑගල නගරාධිපති ඇතුළු පස්දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අසමත් වීමෙන් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙසට වැඩබලන පොලිස්පති කුරුණෑගල විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති වෙත නියෝගයක් නිකුත් කරන්නැයි රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මීට අමතරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න කළ තවත් ඉල්ලීමකට අනුව පොලිස් අත්අඩංගුවට පත් නොවී අධිකරණය මඟ හරිමින් සිටින කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිස රටෙන් පිටවීම වළක්වාලමින් රජයේ ආගමන හා විගමන පාලකවරයාට ද මහේස්ත්‍රාත් විසින් තහනම් නියෝගයක් නිකුත් කළේය.
අධිකරණය මඟින් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබියදීත් ඉතා පහසුවෙන් අත්අඩංගුවට ගත හැකි නගරාධිපති ඇතුළු පිරිස මෙතෙක් අත්අඩංගුවට ගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කුරුණෑගල විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ඇතුළු පොලීසිය ඉතා නිර්දය ලෙස විවේචනයට ලක් කළේය.
COMMENTS
උසාවියට අයිතියක් නෑ ඔය නඩුව අහන්න. කරපු වැඩේට ජනතා කැමැත්ත දීලා ඉවරයි. වෙන කෙනෙක් ගේ නඩුවක් අහන්න ඔය වෙලාවේ.
මම හිතන්නෙ පොලිසිය තාම කල්පනා කරනවා ඇති රෝම කූපයකටවත් අත නොතියා අත් අඩංගුවට ගන්න විදියක් ගැන. එක රටක් එක නීතියක්...ජය වේවා!
ජනාදිපති තුමනි, සිදුවෙන්නේ මෙය නම් රටේ ජනතාවට නීතියේ හෝ පොලිසියෙන් පිලිසරනක් නැත. මේ ගැන සොයා බලන්න වහාම. මහ ඡන්දෙදි අඩුගානෙ ආසන 10ක් වත් ඔබට අහිමි කලා මේ සිද්දිය
පොලිසියේ වරද, ඇයි පොලිසියට මේ අය අත්අඩංගුවට ගන්න බැරි.
නීතිපති දෙපාර්තමේන්තුව රටේ නීතිය අරක්ක්‍ෂා කරමින් කාටත් එකසේ නීතිය ක්‍රියාත්මක කිරීම රටේ ජනතාවගේ බලා පොරොත්තුවයි. නව පාර්ලිමෙන්තුවට නැවතත් පත්වූ තවමත් උසාවියේ නඩු තිබෙන දූෂිත මන්ත්‍රීවරුන්ට නීතිය හරිහැටි ක්‍රියාත්මක වනවාද කියා නීති ගරුක සියලු ජනයා ඉතා විමසිල්ලෙන් බලා සිටී.
අධිකරණයට පුළුවන් මේ විදිහට පොලිසිය සහ දේශපාලකයන් එකතු වෙලා නීතිය අවනීතිය වෙන එක නවත්තන්න. නගරාධිපතිව අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කර තිබියදීත් කුරුණෑගල විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති අධිකරණ නියෝගය නොසලකා හැර අධිකරණය අවමානයට ලක් කරනවා නම්, කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත්තුමාට ඊලඟට නියෝගයක් නිකුත් කරන්න පුළුවන් කුරුණෑගල විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිව අත්අඩංගුවට ගන්න කියලා.
පොලිස්පතිතුමනි, ඔබ වැනි කොන්ද පණ නැති, ඒක පාක්ෂික බත් බැලයින්ට පඩි ගෙවන්නේ රටේ මහජනතාවගේ බදු මුදල්වලින් බව අහලා නැතිද? අහලා නැතිනම් දැන්වත් දැනගන්න. ඔබ ඔබ ගැන ලැජ්ජාවිය යුතුයි. ඔබේ පවුලේ සැම ඔබ ගැන ලජ්ජා වියයුතුයි. ආණ්ඩුවට කඩේගිය නරුමයින් අල්ලලා උසාවියට පමුණුවන්න බැරි ඔබේ කුරුණෑගල පොලිසියේත් සිටින්නේ සොක්කෝ ටිකක් පමණයි. දුප්පත් අහිංසකයින්ට උඩ පැනපැන තලන චණ්ඩි පොලිසිය නැට්ට කොහේදෝ ගහගෙනලු.. වෙන රටක නම් පොලිස්පති ඉල්ලලා අස්වෙලා. එ්ත් අපේ රටේ පොලිස්පති අස්වෙලා මොනවා කරන්නද..? පරණ රස්සාව හොරපොල් කඩන්න ගස් බඩගාන්න වේවි... ඒවා ඔබට හුරුපුරුදු වැඩ බව අපි දන්නවා. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේම සිටි දුර්වලම පොලිස්පතිනේ. ඔබ වැන්නන් සුදුසු බයියන්ට පමණයි..!!!
"ගරු ස්වාමීනි, මේ අය කරලා තියෙන්නේ ඉහළින් ආ අණක්, පිළිපැදීමක් පමණයි. මාලදිවයින්කාර අරක්කු මුදලාලි මේ අයට දැනුම් දීලා තියෙනවා. බුවනෙකබාහු රජතුමාගේ අන්තපුරය, රටේ ලොක්කෙකුගේ අන්තපුරය බවට පරිවර්තනය කොට ප්‍රතිසංස්කරණය කරන්න කියලා. ඉතින් ස්වාමීනි, දැන් ඒ වැඩ කටයුතු අවසන් වේගෙන යනවා. ඒ මිසක් මෙතන කිසි වැරැද්දක් වෙලා නැහැ..