(පුෂ්පකුමාර ජයරත්න)
කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තනතුර සඳහා සුදුස්සකු පත්කර ගැනීමට අද (2) පවත්වන ලද ජන්ද විවිමසීමකදී සමගි ජනබලවේගය නියෝජනය කරමින් ඉදිරිපත්වූ සුමේධ අරුණශාන්ත මහතා වැඩි ජන්ද 4 කින් ජයග්‍රහණය කළේය.
නව නගරාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා පවත්වන ලද ජන්දය සඳහා සුමේධ අරුණශාන්ත මහතා සමඟ විපක්ෂයම නියෝජනය කළ කුරුණෑගල මහ නගර සභාවේ විපක්ෂනායක විජයානන්ද වෙඩිසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වුවද ඔහුට ලැබී තිබුණේ ජන්ද 6 ක් පමණී. සුමේධ අරුණශාන්ත මහතාට ජන්ද 10 ලැබුණි. සුමේධ අරුණශාන්ත මහතා කුරුණෑගල මහ නගර සභාවට පත්වූ 17 වැනි නගරාධිපතිවරයාවේ.
වෘත්තියෙන් ඉංග්‍රීසි ගුරුවරයකු වන සුමේධ අරුණශාන්ත මහතා කුරුණෑගල ලක්දාස් ද මෙල් විදුහලේ සහ වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. පනස් දෙහැවිරිදි ඒ මහතා දෙදරු පියෙකි.
2025 දෙසැම්බර් මස 30
116
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කුරුණෑගල නගර සභා මුල් පුටුව සජබට
Sunil Thursday, 02 February 2023 01:37 PM
පෙර නිමිති.
දාස Thursday, 02 February 2023 04:11 PM
ප්‍රශ්නයක් නෑ නගර සභාව හදපු කඩ කාමරත් බෙදා ගත්තෙ එකට නේ , ඉතින් පොහොට්ටුවයි ස ජ බ කියල වෙනසක් නඍ
C.K.Lankaputhra Thursday, 02 February 2023 04:37 PM
සුළඟත් එක්ක නැගිටිමු....