IMG-LOGO

කුරුණෑගල ගම්මානයක් හුදකලා කරයි

(අජන්ත රත්නායක)

කොවිඩ් ආසාදිතයන් 29 දෙනකු හඳුනාගැනීමෙන් කුරුණෑගල ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට අයත් තිත්තවැල්ගාල ගම්මානය අද ( 18)  සිට හුදෙකලා කිරීමට සෞඛ්‍ය අංශ විසින් පියවර ගනු ලැබීය.

තිත්තවැල්ගාල ගම්මානයට ප්‍රවේශ වන සහ ඉන් පිට වන මාර්ග සියල්ලම පොලිස් මාර්ග බාධක යොදා වසා දමා ඇති අතර පවුල් 540 කට වැඩි ප්‍රමාණයකට අයත් පිරිසක් මෙම ගම්මානය තුළ නිරෝධායනයට ලක්කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

කුඹුක්ගැටේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සිසිර බණ්ඩාර බස්නායක මහතා ප්‍රදේශයේ තත්වය පිළිබඳව ලංකාදීපයට මෙලෙස අදහස් දැක්වීය.

" තිත්තවැල්ගාල ප්‍රදේශයෙන් කොවිඩ් රෝගීන් විසි නව දෙනකු සහ ඊට පරිබාහිරව තවත් රෝගීන් හතර දෙනෙකු දැනට හඳුනාගෙන තිබෙනවා.මෙම ප්‍රදේශයේ පළමු රෝගියා ලෙස ව්‍යාපාරික මහතෙක් අපි හදුනා ගත්තා. ඔහුගේ ආශ්‍රිතයින් හැත්තෑ දෙදෙනෙකු පමණ පීසීආර් පරීක්ෂාවට ලක් කිරීමේදී ඒ අතර සිටි විසි නව දෙනකු කොවිඩ් ආසාදිතයින් බව තහවුරු වුණා. එය ප්‍රතිශතයක් ලෙස සියයට හතළිස් පහක් පමණ වන නිසා අපට තිත්තවැල්ගාල ප්‍රදේශයට සංචාරණ සීමාවන් පනවන්න සිද්ධ වුණා.

ඒ වගේම තිත්තවැල්ගාල ප්‍රදේශවාසීන්ගේ වෙනත් ප්‍රදේශවල තිබුණු සම්බන්ධතාත් හඳුනාගෙන ඒ අයත් ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා . හුදෙකලා කළ ප්‍රදේශයේ අයට අවශ්‍ය ආහාර, ඖෂධ ආදී සියලුම දේ පිළිබඳව සොයා බලමින් පහසුකම් සලසනවා. නමුත් ලොකු ගැටලුවකට තිබෙන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හතර දෙනෙකුට පමණයි මේ කාර්යයේ නිරතවෙන්න වෙලා තිබෙන්නේ.

නමුත් අවම පහසුකම් මැද වුනත් අපේ සේවාව සලසන්න අපි උපරිම උත්සහ කරනවා. ලබන විසි වැනිදා මේ ගම්මානයේ සියලුම දෙනාම පීසීආර් පරීක්ෂාවට ලක් කරනවා. අපි බලාපොරොත්තු වෙනවා තවත් ආසාදිතයින් දෙසීයක්වත් මේ ගම්මානයේ ඇති කියලා. එම පරීක්ෂණවලදී ලැබෙන ප්‍රතිඵල අනුව මේ ගම්මානයෙන් සංචරණ සීමාවන් ඉවත් කිරීම පිළිබඳව සලකා බලනවා." යැයි හෙතෙම පැවසීය. 

 

 



අදහස් (2)

කුරුණෑගල ගම්මානයක් හුදකලා කරයි

Podi malli Sunday, 18 April 2021 02:59 PM

හෙට අනිද්දා බලාගන්න පුළුවන් සාප්පු සවාරි පොකුරු ටිකක්... අපේ රටේ අය මෙච්චර මෝඩයි කියලා හිතුවේ නෑ.. රුපියල් 100, 200 ඩිස්කවුන්ට් වලට කොරෝනා තුන්වෙනි රැල්ලක් හැදුණොත් ඉතින් වහ කන්නයි වෙන්නේ...

:       0       2

Bandara Sunday, 18 April 2021 06:07 PM

තුන්වන රැල්ල කුරුණෑගල පොකුරකින්. අවුරුදු කෑමේ ප්‍රතිඵලයක්ද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 111 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 327 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 145 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site