
(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
කුරුණෑගල ගෝනගම නගරයේ මාර්ග අවහිර කරමින් ප්‍රදේශවාසීහු පිරිසක් අද සවස විරෝධතාවයේ නිරත වූහ.
විරෝධතාවය හේතුවෙන් වාරියපොල - කුඹුක්ගැටේ මාර්ගයේ සහ පැල්ලන්දෙණිය ගෝනගම මාර්ගයේ වාහන ගමනාගමනයට සම්බන්ධයෙනම බාධා ඇතිවිය.
එහි සිටි පිරිස තමන් පැමිණි යතුරුපැදි සහ කළු පැහැති කොඩිවැල් යොදාගනිමින් මාර්ග අවහිර කළ අතර මාර්ගයේ ටයර් පුළුස්සමින් විරෝධතාවයේ යෙදී සිටියහ.
කර්තන ගල්ලෙන් විහාරයේ විහාරාධිපති තිස්සව සුමනානන්ද හිමියන්ද එහි පැමිණ මාර්ග අවහිර නොකර විරෝධතාවයේ යෙදෙන ලෙස පිරිසගෙන් ඉල්ලා සිටියත් පිරිසගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබිණ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd