(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට අයත් බවට සැලකෙන වාලච්චේන කිරාම් ප්‍රදේශයේ පිහිටිකුඹුරු ඉඩමක දීවන අලින් ගෙන්  කුඹුර ආරක්ෂා කර ගැනීමට අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක පැටලීමෙන් පෙරේදා 12 වෙනි දාපනස් තුන් හැවිරිදි ගොවියකු මිය  ගොස් ඇතැයි වාලච්චේන පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මා වාඩි වෙම්බු ප්‍රදේශයේ පදිංචිව සිටි කේ පීසිවපාලන් සුන්දර නැමැති ගොවියෙකි
මොහු හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට අයත් යැයි සැලකෙන කුඹුරේ ගොවිතැන් කටයුතු කරන අයෙක් බවද පොලිසිය සඳහන් කරයි.

මෙම ගොවියා කුඹුරට පැමිණි අවස්ථාවේ කුඹුර වටා ඇද තිබූ අනවසර විදුලි රැහැන පැටලී විදුලිසැර වැදී මියගොස් ඇති බව වාලච්චේන පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

වන අලින් ගෙන් අලින්ගෙන් කුඹුරු කුඹුරුයාය ආරක්ෂා කිරීම සඳහා මෙම විදුලි රැහැන් ඇද තිබූ බව පරීක්ෂණවලින් පෙනී ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

වාලච්චේන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.