(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට අයත් බවට සැලකෙන වාලච්චේන කිරාම් ප්‍රදේශයේ පිහිටිකුඹුරු ඉඩමක දීවන අලින් ගෙන් කුඹුර ආරක්ෂා කර ගැනීමට අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක පැටලීමෙන් පෙරේදා 12 වෙනි දාපනස් තුන් හැවිරිදි ගොවියකු මිය ගොස් ඇතැයි වාලච්චේන පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මා වාඩි වෙම්බු ප්‍රදේශයේ පදිංචිව සිටි කේ පීසිවපාලන් සුන්දර නැමැති ගොවියෙකි
මොහු හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට අයත් යැයි සැලකෙන කුඹුරේ ගොවිතැන් කටයුතු කරන අයෙක් බවද පොලිසිය සඳහන් කරයි.
මෙම ගොවියා කුඹුරට පැමිණි අවස්ථාවේ කුඹුර වටා ඇද තිබූ අනවසර විදුලි රැහැන පැටලී විදුලිසැර වැදී මියගොස් ඇති බව වාලච්චේන පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
වන අලින් ගෙන් අලින්ගෙන් කුඹුරු කුඹුරුයාය ආරක්ෂා කිරීම සඳහා මෙම විදුලි රැහැන් ඇද තිබූ බව පරීක්ෂණවලින් පෙනී ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.
වාලච්චේන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
2025 දෙසැම්බර් මස 18
337
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
210
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1003
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කරුණාගේ ඉඩමක ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී ගොවියා මරුට
Hafeel Tuesday, 14 February 2023 05:30 PM
කරුණා අම්මාන් කියන්නේ ගම්මන්පිලට දේශප්‍රේමී කෙනෙක්. මහින්ද රාජපක්ෂගේ හිටපු ජනාධිපති උපදේශකයෙක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු උප සභාපති කෙනෙක්. ඉතින් එම හයියෙන් මෙවැනි නීති විරෝධී වැඩ කරන්න බැරිද? මෙයා රටට කරපු විනාශයට, මෙයාට හිටපු නියෝජ්‍ය ඇමැති කියල කියන්න නැතුව, හිටපු ත්‍රස්තවාදී නායකයක් කියලා කිව්වොත් තමයි සුදුසු....
Dasa P Tuesday, 14 February 2023 05:59 PM
බිම් බෝම්බ වෙනුවට විදුලිරැහැන්.
Lalla Wednesday, 15 February 2023 08:19 AM
ඒ කියන්නේ කරුණා වනය අල්ලාගෙන කුඹුරු වගාව කරනවා. කෝ නීතිය?