
(ගයාන් සූරියආරච්චි)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනායාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණාඅම්මාන්ගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පරීක්ෂණයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරගවදින අපේක්ෂකයකුට සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙනකුට කඩු සහ පොලුවලින් පහරදුන් බව කියන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ගේ තමිල් මක්කල් විඩුතලෙයි පුලිගල් පක්ෂයේ ආධාරකරුවන් 4 දෙනකු අත්අඩංගුවට ගත් බව මඩකලපුව පොලිසිය පවසයි.
පහරකෑමෙන් තුවාල ලැබූ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයේ තිදෙනකු සහ තමිල් මක්කල් විඩුතලෙයි පුලිගල් පක්ෂයේ හතර දෙදෙනකුද රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසයි.
ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පරීක්ෂයෙන් තරගවදිනු ලබන අපේක්ෂකයාගේ නිවෙසේ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර එහිදී තමිල් මක්කල් විඩුතලෙයි පුලිගල් පක්ෂයේ ආධාරකරුවන් කීපදෙනකු ද එම ස්ථානයට පැමිණ ඇති අතර එහිදී ඇති වූ බහින් බස්වීමකදී මෙසේ කඩුවලින් සහ පොලුවලින් පහරදී ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මඩකලපුව දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත මහතාගේ උපදෙස් පරිදි මඩකලපුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය කාලේ ලංකාවේ හිටපු ජාතික වීරයින් දෙදෙනෙකුගේ අනුගාමිකයින් අතර ගැටුමක් නේද..? නොදන්නා නිසයි අහන්නේ මේ ජාතික වීරයින් දෙදෙනාව ආරක්ෂා කරන්න අපේ බදු මුදලින් ආරක්ෂකයින් කී දෙනෙකුට වැටුප් ගෙවනවද..?