
(යොහාන් භාසුර)
ක්‍රීඩාවේ පරිපාලකයා ලෙස කිසිවිටෙක ක්‍රීඩාව සමඟ සෙල්ලම් නොකරන බවත් ක්‍රීඩාව සමග සෙල්ලම් කිරීමට කිසිවෙකුටත් ඉඩක් නොතබන බවත් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අද (19) පැවසීය.
කිසිදු ක්‍රීඩා සංගමයක් හෝ නිලධාරීන් සමඟ විශේෂ හිතවත් කමක් හෝ විශේෂ අමනාපයක් නොමැති බවත් ඇති වී තිබෙන අභ්‍යන්තර ගැටලු සංගම් තුළම විසඳාගෙන ක්‍රීඩාව ඉදිරියට ගෙනයාමට සියලු දෙනා එක් විය යුතු බවත් ඒ මහතා කීය.
ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ ඇතිවී ඇති අර්බුද සම්බන්ධයෙන් කරුණු විමසීමට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු සම්මේලනයේ දිස්ත්‍රික් සංගම් නියෝජිතයින් අද (19) කැඳවූ අවස්ථාවේදී එසේ පැවසීය.
මෙහිදී දැල්පන්දු සංගම් නියෝජිතයන්ගෙන් වත්මන් තත්ත්වය පිළිබඳ විමසූ අතර, වර්තමානයේ පවතින අර්බුද ඇති වීමට බලපෑ කරුණු සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස කරුණු විමසීය.
දැල්පන්දු සම්බන්ධව ඇති නීති කෘත්‍යයන් හැකි ඉක්මනින් අවසන් කර, ව්‍යවස්ථානුකූලව නිලවරණය පවත්වා නිලධාරී මණ්ඩලය නැවත පත් කරගන්නා ලෙස ද උපදෙස් දුන් අමාත්‍යවරයා, එම කිසිදු කටයුත්තකට මැදිහත් නොවන බව ද සඳහන් කළේය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන, සුගත් තිලකරත්න සහ එරංග ගුණසේකර යන මහත්වරු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව සියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇන ගැනීමට ආසන්න බවක් කතාවෙන් පෙන්නුම් කර ඇත.
ඇයි තවම ක්‍රිකට් ආයතනයේ දූෂිතයින් අයින් කළේ නැත්තේ. ඒ සම්බන්ධයෙන් කටයුතු කළොත් ක්‍රිකට් ක්‍රීඩාව සූදුවෙන් බේරාගන්න පුළුවන් නේද? ක්‍රිකට් ආයතනයේ දූෂිතයින් ගැන මාධ්‍යයට ලියපු අයෙකුත් එම,ආයතනයේ රැකියා කරන බවත් ආරංචියි. ක්‍රීඩාවෙන් දේශපාලනය අයින් කරන්නේ නම් එම ක්‍රීඩාවන් දියුණු වනු ඇත.
ක්‍රීඩාවත් එක්ක ක්‍රීඩා කරන්න පුළුවන්නේ...!
ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම පසුබෑමකට ලක්වෙලා තියෙන්නේ 90% ෆේල් ක්‍රීඩකයෝ හැමදාම ටීම් එකේ තියාගෙන ඉන්න නිසා. සැබෑ දක්ෂයින්ට කිසිම බලපෑමකින් තොරව අවස්ථාවක් ලැබෙන ලෙස ක්‍රමවේදයක් හදන්න...