IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනයට ව්‍යාපෘතියක්

(අංජුල මහික වීරරත්න)

 ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ක්‍රීඩාව ජනගත කිරීම සඳහා ක්‍රීඩා විෂයෙහි මානව සම්පත හා ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛ කාර්යයක් වේ. ප්‍රමාණවත් ක්‍රීඩා පහසුකම් නොමැති තරුණ ප්‍රජාව, වැඩිහිටි ප්‍රජාව, ක්‍රීඩා සමාජ සහ පාසල් සඳහා ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් පාසල් පද්ධතිය, මහජන ක්‍රීඩාංගන සහ යෞවන සමාජ සඳහා ව්‍යාපෘති ත්‍රිත්වයක් 2025 වර්ෂයේ සිට වසර 3 ක කාලසීමාවක් තුළ ක්‍රියාත්මක කිරීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කර ඇත. 

ඒ අනුව, ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම, ග්‍රාමීය පාසල් හා යෞවන සමාජ සඳහා ක්‍රීඩ යටිතල පහසුකම් ලබා දීම සහ හඳුනාගත් ක්‍රීඩා පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම යන ව්‍යාපෘති 2025-2027 කාලසීමාව තුළ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කිරීම පිණිස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (0)

ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනයට ව්‍යාපෘතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site