
(යොහාන් භාසුර)
ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ නොහැකි බවත් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අද (28) පැවසීය.
සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ නිරීක්ෂණයකට එක්වෙමින් අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අද එසේ පැවසීය.
දේශපාලනය, පක්ෂ බේද, මෙතෙක් සිදුවූ අඩුපාඩු අමතක කර වැඩ ආරම්භ කර මානව දයාව පිරි සමාජයක් ගොඩනැගීම වර්තමාන ආණ්ඩුවේ අරමුණ බවත් එම අරමුණ වෙනුවෙන් වංචාවෙන් සහ දූෂණයෙන් තොර රටක් බිහි කළ යුතු බවත් අමාත්‍යවරයා කීය.
ආයතන තුළ සිදුවෙන වංචා, දූෂණ කෙළින්ම ඇවිත් පැමිණිළි කිරීමට මීට පෙර නොහැකි වූයේ එවැනි පරිසරයක් නොමැති වූ නිසා බව කී සුනිල් කුමාර මහතා අමාත්‍යවරයාගේ සිට ඉහළ නිලධාරීන් කොතනක හෝ සම්බන්ධ වී සිටීම එයට හේතුව බව ද සඳහන් කළේය.
වර්තමාන ආණ්ඩුවේ එවැනි තත්වයක් නොමැති බවත් කිසිඳු බයක් නොමැතිව එක්වන ලෙස ඉල්ලා සිටින බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ මෙම අවස්ථාවට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න සහ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර යන මහත්වරු ද එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
628
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ක්‍රීඩා දූෂණ - වංචා ඇමතිටම කියන්න
පිටරටවැසියා Thursday, 28 November 2024 07:41 PM
ක්‍රිකට් වලින් පටන් ගන්න.. දෙවෙනියට හිටපු ඇමැති රොෂාන් ගාව තියෙන ෆයිල් ටික ඉස්සෙල්ලාම විමර්ශනය කරලා ඉම්මු.
ජහමනයා Friday, 29 November 2024 01:55 AM
අනුර ගාව ෆයිල් 200 ක් තියෙනවා. ඒකෙන් තෝරලා ගන්න...
රුවන් Friday, 29 November 2024 07:01 AM
මුලින්ම සුද්ද කරන්න ඕනේ.., ක්‍රිකට් බොඩ් එක, ඊට පස්සේ රගර්, පාපන්දු තනිකරම සුදු අලි, කොකේන්, හෙරොයින් වුණත් අඩුවක් නැතුව තියෙන තැනක් ඔය....!
චානිකා Friday, 29 November 2024 07:33 AM
ක්‍රිකට් බෝඩ් එකෙන් පටන් ගත්තොත් නරකද? ක්‍රීඩක පෞද්ගලික කලමනාකර මාෆියාව තමයි ලංකාවේ ක්‍රිකට් නැති කරන්නේ....