(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා හෙළි කිරීමෙන් පසු ඔහුගේ ජීවිතයට විවිධ තර්ජන එල්ල වෙමින් පවතින හෙයින් ඔහුගේ ආරක්ෂාව වැඩි කරන ලෙස බුද්ධි අංශ රජයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් රජයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී විමසුමකදී ඔහු පැවසුවේ රොෂාන් රණසිංහ මහතාගේ ආරක්ෂාව දැනටමත් වැඩි කර ඇති බවයි.
තමාට විවිධ තර්ජන ඇති බව රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා පැවසීය.
ඔහුගේ ගමන් බෑගයට ඩුබායිහිදී මත්ද්‍රව්‍ය පාර්සලක් දැමීමට දරු උත්සාහයක් ගැනද ඔහු එහිදී හෙළි කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාට්ටිය පටන් ගත්තා. හරි නම් මෙයා තමයි කලින්ම ඉල්ලා අස්වෙන්න ඕනෑ... රටේ විෂය භාර ඇමැති විදියට මෙච්චර දෙයක් වෙනකන් බලා ගෙන හිටපු එකට...!
ක්‍රිකට් ආයතයේ ඉන්නෙ සල්ලි සාක්කුවේ දාගන්න පාතාලයන් බව පැහැදිලි වෙන්න මීට වඩා සාධක ඕනෑද?
ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ් එක පාලනය වෙන්නෙ පාතාලෙන්ද?
මේ රටේ ගොඩක් ක්‍රීඩා සංගම් ඔය ආකාරයි. එකම වෙනස, ක්‍රිකට් ආයතනයට ගොඩාක් සල්ලි එනවා. නිලධාරින් කියන එවුන් මේවාට අරක් ගෙන ඉන්නේ. රටේ පුර්ණ ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය වී තිබෙන මොහොතක්. Facebook post වලට එහා ගිය සටනක් අවශ්‍යයි.
ඔව්, ආරක්ෂාව තරකරගන්න එක හොඳයි... ඒක ආදායම් මාර්ගයක් නේද අවහිර කළේ?
දැනෙන වැඩක් කරන්න ඉන්න එකම ඇමතිතුමා. වැඩක් ඇති, තේරුමක් ඇති, කොන්දක් ඇති ඇමති කෙනෙක් විදියට අපි රටවැසියන් විදියට ගරු කරනවා. කරගෙන යන වැඩේ ඒ විදියටම කරන්න ශක්තිය ලැබේවා. ක්‍රිකට් වල සියලු දුෂිත නිලධාරීන් පන්නා ලංකාවාසීන්ට නැවත තරඟ බලන්න හිතෙන විදියට සියල්ල කණපිට හරවන්න වෙලා තියෙන්නේ. අමාරු වැඩක්. පිටිපස්සේ ඉන්නේ බලවත් පිරිස්. ඔබතුමාට මහජන සහාය තියෙනවා කවුරු නැතත්. ඔබ වැනි කෙනෙක් රටේ පාලකයා උනානම් ඔක්කොම හොරු අල්ලන්න තිබුනා.
ක්‍රිකට් තහනම් කරපු කාලයේ, ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ සහ අනෙක් කුඩා ක්‍රිකට් සමාජවල ඉන්න දුෂිතයින් ගැන සොයාබලා ඔවුන්ට විරුද්ධව නඩු පවරන්න ඕනේ, මේ පිළිබඳව සියලු විස්තර ක්‍රිකට් ක්‍රීඩාකරන අනෙක් රටවල් අකුරට දැනුවත් කරන්න ඕනේ, මම හිතන්නේ නැහැ. එංගලන්තේ, ඕස්ට්‍රේලියාව සහ නවසිලන්තේ වැනි රටවල් වංචාව, දූෂණය අනුමත කරාවී කියලා... ඔවුන්ට නිවැරැදි පැහැදිලි තොරතුරු දුන්නොත් ඔවුන් අපට යම්කිසි සහනයක් දේවි... ICC යනු ඉන්දියාව පමණක් නොවේ..
ජනාධිපති ලේකම් කාර්‍යාලයට ගිහිල්ලා වතුර වීදුරුවක් බොන්නත් බයයි ඒකට වසදාලා තියෙන්න පුළුවන් නිසා කියලා රොෂාන් කිව්ව කතාවෙන් තේරුම් යන්නේ දැන් ලංකාවේ පාතාලයේ ගෝඩ් ෆාදර් පිනා බවයි. ෂමිමියි, සාගලයි එකතුවෙලා ගේම ගහන්නේ පිනාගේ උපදෙස් අනුවයි. ෂම්මි අයි යි.සී.සී එකට කතාකරලා ලංකාවේ ක්‍රිකට් තහනම් කරන්න කියලා ඉල්ලන්න ඇත්තේ සාගලගේ උපදෙස් අනුව බව රොෂාන්ගේ මාධ්‍ය සාකඡාවෙන් පසුව දැන් හොඳටම පැහැදිලියි. රොෂාන් අන්තර් පාලනයක් දැම්ම ගමන් පිනා කිව්වා මම බය වෙන්නේ ලංකාවේ ක්‍රිකට් තහනම් කරයිද කියලා, යයි කියන විට පිනාගේ ප්ලෑන් එකට අනුව ගහන ගේමක් තමයි මෙතැන යන්නේ කියලා.. හිතුණු එක දැන් සත්‍යවෙලා තියෙනවා.
ක්‍රීඩා ඇමැතිතුමෝ ක්ලින්ට් ඉස්ටවුඩ් වගේ රිවොල්වර්ස් දෙකක්ම ඉනේ එල්ලා ගන්න...!