
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවා අතුරු පාලන කමිටුවක් පත් කිරීමට ගත් තීරණය රටට බලපාන ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සිව් පුද්ගල අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් අද (6)පත් කරනු ලැබීය.
මෙම අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ ප්‍රධානතම පරමාර්ථය වන්නේ ක්‍රිකටි ක්‍රීඩාව තවදුරටත් නොවැටී තබාගෙන ඉදිරියට ගෙන යාම සඳහා ගතයුතු හොඳම ක්‍රියා මාර්ගය රජයට යෝජනා කිරීමයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉහත කමිටුව පත් කිරීමට පියවර ගැණින.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්,විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහත්වරු ඇතුලත් වෙති.
ක්‍රීඩා යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීමට පියවර ගත් අතර ඒ සම්බන්ධයෙන් රජය දැනුවත් කර නොතිබූ බව ප්‍රකාශ විය. අමාත්‍ය මණ්ඩල අනු කමිටුව පත්කරනු ලැබුයේ මෙි පසුබිම යටතේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින් ජනා ගේ ග# කොල්ලො සාගල් ගේ අණ කිරීම අනුව, මහ බැංකුවට කෙලියා වගේ ක්‍රිකට් අතුරු කමිටුවට කෙලියොත් පිනාගේ කාලෙ තවත් කෙටි වෙනවා.
ලංකාවේ මහා එවුන් තරගෙට කමිටු පත්කරන වෙලාවේ, අන්න අරහේ බංගලියෝත් අපේ ක්‍රිකට් කොල්ලන්ට උඩ පැන පැන තලනවා නේද...? ආයේ මෙරටට කසිම දෙයකින් ජයග්‍රහණ ලැබෙන එකක් නැහැ... මේ රට, රටේම ජනතාවගේ ශාපයට ලක්වූ රටක්.... සුද්දෝ ලස්සනට හදලා දුන්නු නුවරඑළියේ තැපැල් කන්තොරුවත් විකුණගෙන කන්න නේද යන්නේ..? කවුරු උනත් තැපැල්පති තුමාට තර්ජනය කල ඒ කැත විදිහ...? චිහ් විතරක්!! උන්ටත් කොන්දක් නැහැනේ හරියට කෙලින් වචනයක් කතා කරන්න....නොදකින්! ඔක්කොම එකයි මේ ශාපලත් දේශයේ වෙසෙන කාලකන්නි!!!!
හරි.. ඔය දාගෙන තියෙන්නෙ නියම ගොට්ටො ටික රොශාන් ට වැඩෙ දෙන්න. රොශාන් ඔය තීරනය ගන්නකම් මෙ මිනිහට ලංකාවෙ ක්‍රිකට් ගැන තෙරුනේ නෑ.
මේ ගොල්ලන්ගෙන් අහලා බලමු ක්‍රිකට් බෝලෙ රවුම් ද හතරැස් ද කියලා.
පොල් පැලේ දෙසර හැරෙන කොටම තේරෙනවා . මොකක්ද වෙන්න යන්නෙ කියලා.විෂය භාර ඇමතියව දාල LPL final යනකොට ඔය මුකුත් නෑ.
පිස්සු රටක් ඕයි මේක .මොංගල් සෙට් මෙහෙ තමා ඉන්නේ .නොකියා කරපු එක වඩාත් හොඳයි .ලියලා කරයි ලබ්බ
තම ක්‍රීඩා අමාත්‍යවරයා දූෂිත හා කුණු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිරිසිදු කර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත දියුණු කිරීමට උත්සාහ කිරීම ගැන ජනාධිපතිවරයා සතුටු විය යුතුය. ඒ නිසා ඒ කාර්යය කිරීමට තමන් පත්කළ ක්‍රීඩා ඇමැතිවරයාට ජනාධිපතිතුමාගේ සම්පූර්ණ සහයෝගය ලබාදිය යුතුයි.
ඒ පාර අන්දරේලා කිරිකටගහන්නත් කියාදෙන්න යනවද ?මේ අපේ මහදැනමුත්තාගේ දුරදක්නා වැඩපිළිවෙලේ කෑල්ලක් වෙන්න ඇති ?
මේ කැබිනට් අනු කමිටුව ගැන හොයන තවත් කමිටුවක් අවශ්‍යයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවා අතුරු පාලන කමිටුවක් පත් කිරීමට ගත් තීරණය රටට බලපාන අකාරය /විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට බලපාන ආකාරය නුදුරේදීම බලාගත හැකිවනු ඇත. ක්‍රිකට් දියුණු කිරීම කෙසේ වෙතත් අර්බුද / ගැටළු වෙනත් ආකාරයෙන් ක්‍රියාත්මක වනු ඇත. අවංකවම ක්‍රිකට් දිනු කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනාවූ කණ්ඩායමකට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණය කිරීමට බාරදිය යුතුවේ. එතෙක් වර්තමානයේ ඇමතිවරයා විසින් පත්කළ කණඩායම "TEAM ARJUNA" කෙසේ පරිපාලන කටයුතු කෙසේ කරගෙන යන්නේද කියා රටේ ජනතාව බලා සිටිනු ඇත
ඔක තමයි වැඩේ ... මිනිහෙක් වැඩක් කරන්න හදනකොටම කකුලෙන් අදින මහ ම්ලේච්ච අධම ජාතියක් ඔයි.
මේ මෝඩයෝ බලු හැප්පෙන්න හදනවා.අපේ ටීම් එකයි ක්‍රිකට් බෝඩ් එකයි ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරනවා.ලංකාවේ පත් කරපු කමිටු නිකන් සල්ලි නාස්ති කලා මිසක් විසදුමක් දෙන්නේ නෑ.
ඊට පස්සෙ තියෙන්නෙ ඒ අනු කමිටුව වැඩේ හරියට කරනවද බලන්න තව කමිටුවක් දාලා බලන්න...
ඒකේ නිර්දේශ ක්‍රියාත්මක කරනවාද නැද්ද කියලා හොයලා බලන්න තවත් අතුරු කමිටුවක් ගමුද පිනෝ
ලෝකෙම හිනස්සන අමනයන්ගෙන් සපිරි රට ලංකාවයි!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ හා අවපාලනය සම්බන්ධයෙන් සත්‍යය හෙළි කිරීමට ජනාධිපතිවරයාට අවශ්‍ය නැති බව පෙනේ. ඔහු තල්ලු කරන්නේ ඔහුගේම ක්‍රීඩා ඇමතිවරයාට නොව දූෂිත විධායකයින්ට සහ සමහර දූෂිත ඇමතිවරුන්ටය.
ශ්‍රීලංකා ක්‍රිකට් පැරදිලා තියෙන්නේ ලොක්කන්ගේ දැනුවත් කම ඇතුව කියලා දැන් මට තීන්දුව නේ
කමිටුවක්.පාලිමන්ට් ජෝක්ස් තවමත් සාර්ථක ලෙස තිරගත වේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදු කරන දූෂණයට සහ අවපාලනයට රනිල් රාජපක්ෂ රජය සහාය දෙනවා. මෙය පිළිකුල් සහගතයි.
රාජපක්ෂලා අතට මේ රට ගියා වගේ තමයි, රණතුංගලා අතට ක්‍රිකට් ගියොත් වෙන්නේ...විජයදාස රාජපක්ෂගේ පුත්‍රයාත් සමග අරජුන ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගන්න හදන්නේ... මහේලට හා සංගක්කාරලාට බැන වදිමින් අර්ජුන කරන රංගනය ගැන මට නම් ඇත්තේ පිළිකුලක්... ලසිත් මාලිංගත් ලෝක කුසලානයක් ලංකාවට හිමිකර දුන්නු නායකයෙක්නේ... ඇයි ඒ ගැන කවුරුවත් කතා නොකරන්නේ..? ලහිරු තිරිමාන්නට හා දිනේෂ් චන්දිමාල්ට මොකද වුනේ..? ලෝකයම ගරු කරන තරුණ ක්‍රීඩකයින් වන මහේල, සංගක්කාර හා මාලිංගට මේ කුහකයින්ගේ දේශයේ නිසි වටිනාකමක් හා ගෞරවයක් ලැබෙනවද..? ඒකට හේතුව තමයි ඔවුන් දේශපාලන ගහලයින් නොවන නිසා... ලංකාවේ ක්‍රිකට් වලටත් අබසරණයි!!!