IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


ක්‍රීඩා ඇමතිගේ අතුරු කමිටුව ගැන හොයන්න කැබිනට් අනු කමිටුවක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවා අතුරු පාලන කමිටුවක් පත් කිරීමට ගත් තීරණය රටට බලපාන ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සිව් පුද්ගල අමාත්‍ය මණ්ඩල  අනුකමිටුවක් අද (6)පත් කරනු ලැබීය.

මෙම  අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ ප්‍රධානතම පරමාර්ථය වන්නේ ක්‍රිකටි  ක්‍රීඩාව තවදුරටත් නොවැටී තබාගෙන ඉදිරියට ගෙන යාම සඳහා ගතයුතු හොඳම ක්‍රියා මාර්ගය රජයට යෝජනා කිරීමයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉහත කමිටුව  පත් කිරීමට පියවර ගැණින.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි  මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්,විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය  මනුෂ නානායක්කාර මහත්වරු ඇතුලත් වෙති.

ක්‍රීඩා යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීමට පියවර ගත් අතර ඒ සම්බන්ධයෙන් රජය දැනුවත් කර නොතිබූ බව ප්‍රකාශ විය. අමාත්‍ය මණ්ඩල අනු කමිටුව පත්කරනු ලැබුයේ මෙි පසුබිම යටතේය.



අදහස් (20)

ක්‍රීඩා ඇමතිගේ අතුරු කමිටුව ගැන හොයන්න කැබිනට් අනු කමිටුවක්

Pinjana Monday, 06 November 2023 08:25 PM

පින් ජනා ගේ ග# කොල්ලො සාගල් ගේ අණ කිරීම අනුව, මහ බැංකුවට කෙලියා වගේ ක්‍රිකට් අතුරු කමිටුවට කෙලියොත් පිනාගේ කාලෙ තවත් කෙටි වෙනවා.

:       1       2

බද්රානි Monday, 06 November 2023 09:07 PM

ලංකාවේ මහා එවුන් තරගෙට කමිටු පත්කරන වෙලාවේ, අන්න අරහේ බංගලියෝත් අපේ ක්‍රිකට් කොල්ලන්ට උඩ පැන පැන තලනවා නේද...? ආයේ මෙරටට කසිම දෙයකින් ජයග්‍රහණ ලැබෙන එකක් නැහැ... මේ රට, රටේම ජනතාවගේ ශාපයට ලක්වූ රටක්.... සුද්දෝ ලස්සනට හදලා දුන්නු නුවරඑළියේ තැපැල් කන්තොරුවත් විකුණගෙන කන්න නේද යන්නේ..? කවුරු උනත් තැපැල්පති තුමාට තර්ජනය කල ඒ කැත විදිහ...? චිහ් විතරක්!! උන්ටත් කොන්දක් නැහැනේ හරියට කෙලින් වචනයක් කතා කරන්න....නොදකින්! ඔක්කොම එකයි මේ ශාපලත් දේශයේ වෙසෙන කාලකන්නි!!!!

:       1       2

Rata Perata Monday, 06 November 2023 09:45 PM

හරි.. ඔය දාගෙන තියෙන්නෙ නියම ගොට්ටො ටික රොශාන් ට වැඩෙ දෙන්න. රොශාන් ඔය තීරනය ගන්නකම් මෙ මිනිහට ලංකාවෙ ක්‍රිකට් ගැන තෙරුනේ නෑ.

:       0       0

සඳුන් Monday, 06 November 2023 09:53 PM

මේ ගොල්ලන්ගෙන් අහලා බලමු ක්‍රිකට් බෝලෙ රවුම් ද හතරැස් ද කියලා.

:       0       1

බී අමරසිංහ Tuesday, 07 November 2023 12:55 AM

පොල් පැලේ දෙසර හැරෙන කොටම තේරෙනවා . මොකක්ද වෙන්න යන්නෙ කියලා.විෂය භාර ඇමතියව දාල LPL final යනකොට ඔය මුකුත් නෑ.

:       0       1

Siriwardana Tuesday, 07 November 2023 01:57 AM

පිස්සු රටක් ඕයි මේක .මොංගල් සෙට් මෙහෙ තමා ඉන්නේ .නොකියා කරපු එක වඩාත් හොඳයි .ලියලා කරයි ලබ්බ

:       0       0

A Cricket Fan Tuesday, 07 November 2023 03:48 AM

තම ක්‍රීඩා අමාත්‍යවරයා දූෂිත හා කුණු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිරිසිදු කර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත දියුණු කිරීමට උත්සාහ කිරීම ගැන ජනාධිපතිවරයා සතුටු විය යුතුය. ඒ නිසා ඒ කාර්යය කිරීමට තමන් පත්කළ ක්‍රීඩා ඇමැතිවරයාට ජනාධිපතිතුමාගේ සම්පූර්ණ සහයෝගය ලබාදිය යුතුයි.

:       0       0

chandima Tuesday, 07 November 2023 04:17 AM

ඒ පාර අන්දරේලා කිරිකටගහන්නත් කියාදෙන්න යනවද ?මේ අපේ මහදැනමුත්තාගේ දුරදක්නා වැඩපිළිවෙලේ කෑල්ලක් වෙන්න ඇති ?

:       0       0

ලුම්බිණි Tuesday, 07 November 2023 04:49 AM

මේ කැබිනට් අනු කමිටුව ගැන හොයන තවත් කමිටුවක් අවශ්‍යයි.

:       0       2

sam Tuesday, 07 November 2023 04:57 AM

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවා අතුරු පාලන කමිටුවක් පත් කිරීමට ගත් තීරණය රටට බලපාන අකාරය /විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට බලපාන ආකාරය නුදුරේදීම බලාගත හැකිවනු ඇත. ක්‍රිකට් දියුණු කිරීම කෙසේ වෙතත් අර්බුද / ගැටළු වෙනත් ආකාරයෙන් ක්‍රියාත්මක වනු ඇත. අවංකවම ක්‍රිකට් දිනු කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනාවූ කණ්ඩායමකට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණය කිරීමට බාරදිය යුතුවේ. එතෙක් වර්තමානයේ ඇමතිවරයා විසින් පත්කළ කණඩායම "TEAM ARJUNA" කෙසේ පරිපාලන කටයුතු කෙසේ කරගෙන යන්නේද කියා රටේ ජනතාව බලා සිටිනු ඇත

:       0       1

Yass Tuesday, 07 November 2023 05:02 AM

ඔක තමයි වැඩේ ... මිනිහෙක් වැඩක් කරන්න හදනකොටම කකුලෙන් අදින මහ ම්ලේච්ච අධම ජාතියක් ඔයි.

:       0       1

dusanayaka Tuesday, 07 November 2023 06:23 AM

මේ මෝඩයෝ බලු හැප්පෙන්න හදනවා.අපේ ටීම් එකයි ක්‍රිකට් බෝඩ් එකයි ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරනවා.ලංකාවේ පත් කරපු කමිටු නිකන් සල්ලි නාස්ති කලා මිසක් විසදුමක් දෙන්නේ නෑ.

:       0       1

සුපුන් Tuesday, 07 November 2023 07:47 AM

ඊට පස්සෙ තියෙන්නෙ ඒ අනු කමිටුව වැඩේ හරියට කරනවද බලන්න තව කමිටුවක් දාලා බලන්න...

:       0       1

Aravinda Monarawila Tuesday, 07 November 2023 08:49 AM

ඒකේ නිර්දේශ ක්‍රියාත්මක කරනවාද නැද්ද කියලා හොයලා බලන්න තවත් අතුරු කමිටුවක් ගමුද පිනෝ

:       1       2

Vajira Tuesday, 07 November 2023 09:08 AM

ලෝකෙම හිනස්සන අමනයන්ගෙන් සපිරි රට ලංකාවයි!

:       0       40

A saddened cricket fan Tuesday, 07 November 2023 10:46 AM

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ හා අවපාලනය සම්බන්ධයෙන් සත්‍යය හෙළි කිරීමට ජනාධිපතිවරයාට අවශ්‍ය නැති බව පෙනේ. ඔහු තල්ලු කරන්නේ ඔහුගේම ක්‍රීඩා ඇමතිවරයාට නොව දූෂිත විධායකයින්ට සහ සමහර දූෂිත ඇමතිවරුන්ටය.

:       0       1

wedage Tuesday, 07 November 2023 11:39 AM

ශ්‍රීලංකා ක්‍රිකට් පැරදිලා තියෙන්නේ ලොක්කන්ගේ දැනුවත් කම ඇතුව කියලා දැන් මට තීන්දුව නේ

:       0       1

Manjula Tuesday, 07 November 2023 11:56 AM

කමිටුවක්.පාලිමන්ට් ජෝක්ස් තවමත් සාර්ථක ලෙස තිරගත වේ

:       0       1

A sad citizen Tuesday, 07 November 2023 12:51 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදු කරන දූෂණයට සහ අවපාලනයට රනිල් රාජපක්ෂ රජය සහාය දෙනවා. මෙය පිළිකුල් සහගතයි.

:       1       2

බද්රානි Tuesday, 07 November 2023 03:05 PM

රාජපක්ෂලා අතට මේ රට ගියා වගේ තමයි, රණතුංගලා අතට ක්‍රිකට් ගියොත් වෙන්නේ...විජයදාස රාජපක්ෂගේ පුත්‍රයාත් සමග අරජුන ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගන්න හදන්නේ... මහේලට හා සංගක්කාරලාට බැන වදිමින් අර්ජුන කරන රංගනය ගැන මට නම් ඇත්තේ පිළිකුලක්... ලසිත් මාලිංගත් ලෝක කුසලානයක් ලංකාවට හිමිකර දුන්නු නායකයෙක්නේ... ඇයි ඒ ගැන කවුරුවත් කතා නොකරන්නේ..? ලහිරු තිරිමාන්නට හා දිනේෂ් චන්දිමාල්ට මොකද වුනේ..? ලෝකයම ගරු කරන තරුණ ක්‍රීඩකයින් වන මහේල, සංගක්කාර හා මාලිංගට මේ කුහකයින්ගේ දේශයේ නිසි වටිනාකමක් හා ගෞරවයක් ලැබෙනවද..? ඒකට හේතුව තමයි ඔවුන් දේශපාලන ගහලයින් නොවන නිසා... ලංකාවේ ක්‍රිකට් වලටත් අබසරණයි!!!

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

තරුණයා දැරියකගේ දිවි බේරයි
2024 මැයි මස 18 2 0

කලවාන කුකුළේ ගංගාවට පැන්නේ යැයි කියන දැරියක් එම ප්‍රදේශයේ තරුණයකු ගඟට පැන දිවි බේර ගෙන ඇති බව කලවාන පොලිසිය පැවසීය .


’යුද්ධයෙන් පීඩා විඳි සියල්ලනට එංගලන්තයේ සහාය’- කැමරන්
2024 මැයි මස 18 202 0

ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවී ඇතත් එම ගැටුම් වලින් මියගිය සහ අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් අදටත් තම ආදරණීයයන්ට සිදුව


ඇල්ල- වැල්ලවාය පාර අදත් වහයි
2024 මැයි මස 18 100 0

ඇල්ල වැල්ලවාය මාර්ගයට කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයේදී මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම තවදුරටත් පවතින බැවින් අද (18) රාත්‍රි 8.00 සිට හෙට උදෑසන 6.00 දක්වා මාර්


ට්‍රාන්ස්ෆෝමරයක් අසල නාඳුනන සිරුරක
2024 මැයි මස 18 775 1

ගම්පහ ,ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන ඇත.


පැවැත්වෙන මැතිවරණය ගැන උදයංග කියයි
2024 මැයි මස 18 2074 9

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරත


ආර්ථික පරිවර්තන පනත ගැසට්ටුව නිකුත් වෙයි
2024 මැයි මස 18 326 0

ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කෙරිණ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 786 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2335 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2001 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site