
(යොහාන් භාසුර)
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය එක්ව ක්‍රියාත්මක කරන ජාතික ක්‍රීඩා සංවර්ධන වැඩසටහන ආරම්භ කරමින් අනුරාධපුරයේදී පැවැති වැඩසටහනට සහභාගි වීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ප්‍රමුඛ ක්‍රීඩා අමාත්‍යංශයට අනුබද්ධ ආයතනවල නිලධාරීහූ දුම්රියෙන් අනුරාධපුරයට ගියහ.
මෙම දුම්රිය ගමනට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා ද සහභාගි විය.
මේ සඳහා දුම්රියෙන් ප්‍රවාහන මාධ්‍ය ලෙස තෝරාගැනීම නිසා ක්‍රීඩා අමාත්‍යංශයට රුපියල් ලක්ෂ 11 ක පමණ මුදලක් ඉතිරි කරගැනීමට හැකිවූ බව ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොෂාන් ඇතුළු පිරිස දුම්රියෙන් යන්න ටිකට් ගත්තද, නැතිනම් මහජන මුදලින් ගියාද.?
මේ අය මේ රට්ටු අන්දන්න කරන බොරු වැඩ.
ඕක තමා අවවාදයට වැඩිය ආදර්ශය උතුම් කියන්නේ.
සංදර්ශනයක් විතරයි. කරුණාකර වසර අවසානයේ ඉතිරි කළ මුදල සඳහන් කරන්න එවිට අපි පිළිගනිමු.
ඇයි ඔය වෙලාවට දුම්රිය පීලි පනින්නේ නැත්තේ.
ජනාධිපති ආර්‍යාව පසුගිය දිනක යාපනයේ විශ්ව විද්‍යාලයේ සම්මන්ත්‍රණයක් සඳහා ආරක්ෂක අංශවත් නැතුව දුම්රියේ ගියාට පස්සේ අනෙක් අයත් ඒක කරනවා වගෙයි...
බොරු මාද්‍ය සන්දර්සන .