IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ක්‍රීඩා අමාත්‍යවරයා ඔලිම්පික් කමිටුවට තදට සිටියි

(යොහාන් භාසුර)

ජාතික ඔලිම්පික් කමිටුවේ අර්බුදය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාව නිදහසේ කරගෙන යෑමට තවදුරටත් බාධාවක් නොවිය යුතු බවත් සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකටම නිදහසේ ක්‍රීඩාව කරගෙන යෑමට ඉඩකඩ සැලසිය යුතු බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අද (16) පැවසීය.

ජාතික ඔලිම්පික් කමිටුව පිළිබඳව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ගනු ලැබ ඇති තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට  ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභිකයින් ක්‍රීඩා  අමාත්‍යාංශය වෙත අද ( 16 ) දින කැඳවූ අවස්ථාවේදී අමාත්‍යවරයා එසේ පැවසීය.

මෙම අර්බුදය වසරක පමණ කාල සීමාවක සිට පැන නැගෙමින් එන කාරණයක් බවත්  එය ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ අභ්‍යන්තර පරිපාලන අර්බුදයක් නිසා ඉතා ඉක්මනින් විසදා ගැනීම වෙනුවෙන් ක්‍රියා මාර්ග ගත යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

ජාතික ඔලිම්පික් කමිටුව තුළ ඇතිව තිබෙන අභ්‍යන්තර අර්බුදය විසදා ගැනීම වෙනුවෙන්  ජාතික ඔලිම්පික් කමිටුව වෙත තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය ලෙස ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටි අතර මින් ඉදිරියට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිර්දේශයන්ට අනුකුලව කටයුතු කරන ලෙස ජාතික ඔලිම්පික් කමිටුව වෙත අවධාරණය කර සිටියේය.

මෙම අවස්ථාවට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් අරුණ බණ්ඩාර ඇතුලු නිලධාරීන් එක්වූ අතර ජාතික ඔලිම්පික් කමිටුව නියෝජනය කරමින් එහි සභාපති, ලේකම් ඇතුලු විධායක කමිටුවේ සාමාජිකයින් ද සහභාගී වූහ.



අදහස් (4)

ක්‍රීඩා අමාත්‍යවරයා ඔලිම්පික් කමිටුවට තදට සිටියි

A Sri Lankan Sports Fan Tuesday, 17 December 2024 03:41 AM

ඇයි ක්‍රීඩා ඇමැතිතුමාට ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයටත් තදින් ඉන්න බැරි..?

:       0       0

Nimal 1 Tuesday, 17 December 2024 06:27 AM

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙන්ම මෙයද හොර ගුහාවකි. මුල සිටම සුද්ද කළ යුතුයි.

:       0       0

ජිල්බු Tuesday, 17 December 2024 08:01 AM

මේ කමිටුවේ අයට තද කලිසම් අඳින්න කියපු එක හොඳයි. බඩ තියාගෙන ක්‍රීඩා උපදෙස් දෙන්න බෑනේ.

:       0       0

ජයනාත් Tuesday, 17 December 2024 10:00 AM

නිලධාරීවාදය වහාම තුරන් කරන තුරු රාජ්‍ය සේවය ගොඩ දාන්න බැහැ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site