
මධ්‍යම ආසියානු රටක් වන කිර්ගිස්ථානයේ ජනාධිපති සුරොන්බායි ජින්බෙකොව් සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.
පසුගිය 04 වෙනිදා පැවැත්වුණු මතභේදාත්මක පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්දයෙන් ඇතිවූ ජනතා නොසන්සුන්තාවයෙන් පසුව මෙම ඉල්ලා අස්වීම සිදුවිය.
මැතිවරණයෙන් ජින්බෙකොව්ගේ පක්ෂය ජයග්‍රහනය ප්‍රකාශයට පත්කළ අතර විපක්ෂය ප්‍රථිපල ප්‍රතික්ෂේප කළේය.
තමා ධූරයෙන් ඉවත්කරන ලෙස ඉල්ලා සිටින විරෝධතාකරුවන් හා ආරක්ෂක අංශ අතර ගැටුම් වලක්වාගැනීම සඳහා ඉල්ලා අස්වූ බව ජින්බෙකොව් ජනාධිපතිවරයා පවසා ඇත. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ තමා ප්‍රචණ්ඩත්වයට අකමැති බවයි. "රාජ්‍ය දේපල ආරක්ෂා කිරීම සඳහා ආයුධ භාවිතා කිරීමට ආරක්ෂක අංශ බැඳී සිටී. රුධිරය අනිවාර්යයෙන්ම වැගිරෙනු ඇත.
ප්‍රකෝපකිරීම් වලට හසු නොවන්නැයි මම දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටිමි. කිර්ගිස්ථාන ඉතිහාසය තුළ ලේවැගිරවූ සහ තමන්ගේම පුරවැසියන්ට වෙඩිතැබූ ජනාධිපතිවරයෙකු ලෙස මගේ නම සඳහන් වනවාට අකමැතියි" යනුවෙන් ජින්බෙකොව් පවසා ඇත.
පසුගිය සතියේ බන්ධනාගාරයෙන් නිදහස් කළ සාදීර් ජපරොව් නැමැති පුද්ගලයෙකු කිර්ගිස්ථාන පාර්ලිමේන්තුව විසින් අගමැති ධූරයට තෝරාගත් අතර ජින්බෙකොව්ට ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකර ඇත්තේ පපරොව් සහ ඔහුගේ අනුගාමිකයන් විසිනි.
චීනයට මායිම්ව පිහිටි, රුසියානු සමූහාණ්ඩුවට අයත්ව තිබූ රටක් වන කිර්ගිස්ථානයේථානයේ රුසියානු හමුදා කඳවුරක් සහ කැනඩාවට අයත් විශාල රන් ආකරයක් පවතී.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ප්‍රකෝපකිරීම් වලට හසු නොවන්නැයි මම දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටිමි. කිර්ගිස්ථාන ඉතිහාසය තුළ ලේවැගිරවූ සහ තමන්ගේම පුරවැසියන්ට වෙඩිතැබූ ජනාධිපතිවරයෙකු ලෙස නම සඳහන් වනවාට අකමැතියි ".... ඒ රටේ දේශපාලන අර්බුදයේ සැබෑ වැරදි කරුවෝ කවුරුන් වුණත්, මේ ඉල්ලා අස්වූ රාජ්‍ය පාලකයාගේ "කියමනට" මම බෙහෙවින් ගරු කරනවා. ඔහු ඔහුගේ අතේ ලේ ගාගන්න අකමැති බව ඉන් කියැවෙනවා. අපේ රටේ පාලකයින්ගෙන් අතේ ලේ නොගෑවුණු පුද්ගලයෙක් වේ නම් ඒ ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයා පමණයි. අද සිට මේ මොහොත වෙනකම් රට පාලනය කරන පාලකයාත් අතුලුවම.. සියලුම පාලකයින්ගේ අත්වල මිනිස් ලේ තැවරී ඇත..