(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) අවධානයෙන් පසුවන්නේ යැයි දැනුම් දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසුවේ ක්‍රීඩා බලධාරියෙක් ක්‍රිකට් ආයතනයට කරන අඛණ්ඩ බලපෑම් පිළිබඳව අයි.සී.සී.යේ අවධානය යොමුවී ඇති බවත් අදාල නිලධාරියාගේ බලපෑම තව දුරටත් පැවතිය හොත් අයි.සී.සී.යේ ශ්‍රී ලංකා සාමාජිකත්වය අත්හිටුවීමට ඉඩ ඇති බවත්ය.
එසේ වුවහොත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තරග, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අරමුදලක් ඇතුළු සියලුම අයිතිවාසිකම් අහිමිවන බව කී එම නිලධාරියා අන්තර්ජාතික ක්‍රිකට් සභාව අතුරු පාලන කමිටු පිළිනොගන්නා බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ක්‍රීඩාවට තියෙන ලොකුම හෙනය දේශපාලනය සහ පාලක මණ්ඩලය.
දණගහගෙන ඇස් වහගෙන සංඝක්කා වගේ ප්‍රේ කරන්න ඊළග වර්ල්ඩ් කප් එක අවශ්‍ය නම්. දෙයියෝ තමයි කැප්ටන් කරන්නේ…
දේශපාලන බලපෑම් නම් ඉහටත් උඩින්. ඒ ගැන මොකට කියනවාද?