IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘කිරිකැටියන් 1700ක් දන්දීලා‘

(සුජිත් හේවාජුලිගේ )

ආර්ථික ප්‍රශ්න හේතුවෙන් මවුපියන් බිළිඳු  දරුවන් වෙනත් පුද්ගලයන්ට දරුකමට හදා ගැනීම සඳහා  ලබාදීම වැඩිවී ඇතැයි වාර්තාවේ.

සාමාන්‍යයෙන් වසරකදී දරුවන් 1700ක් පමණ එසේ දරුකමට හදා ගැනීම සඳහා වෙනත් පුද්ගලයන්ට ලබා දෙන බව රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල්( සිවිල් ලියාපදිංචි කිරීම්)නීතිඥ ලක්ෂිකා  ගනේපොළ මහත්මිය පැවසුවාය.

ඉන් දරුවන් සැලකිය යුතු පිරිසක් ලබාදි ඇත්තේ   විදේශිකයන්ටය.

මවුපියන් දරුවන් වෙනත් පුද්ගලයන්ට ලබාදීමේදී ඒ පිළිබඳ තොරතුරු රෙජිස්ට්‍රාර්  දෙපාර්තමේන්තුවට  ලබාදිය යුතුවේ. මෙම කරුණු පෙනී ගොස් ඇත්තේ එම දෙපාර්තමේන්තුවට ලැබී ඇති තොරතුරු විශ්ලේෂණයේදීය.

ආර්ථික ප්‍රශ්න, අනියම් සබඳතා වැනි සමාජීය ප්‍රශ්න දරුවන්  දරුකමට හදා ගැනීම සඳහා වෙනත් පුද්ගලයන්ට ලබාදීම  වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතුවී තිබෙන බව  සමාජ විද්‍යාඥයෝ පෙන්වා දෙති.

එසේම රටේ ගබ්සා කිරීම්ද සැලකිය යුතු ලෙස වැඩිවී  ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.



අදහස් (3)

‘කිරිකැටියන් 1700ක් දන්දීලා‘

de silva berlin Sunday, 05 May 2024 12:05 PM

කරුණාකර බටහිර රටවල මෙන් ලංකාවෙත් ගබ්සාව නීතිගත කරන්න

:       0       1

මව්බිමේ අනාතයෝ Sunday, 05 May 2024 12:30 PM

මෙහෙම විදේශ ගතවෙන දරුවෝ වැඩිවියට පත්වුණා ම සත්‍ය අම්මා සොයාගෙන එනවා. එවිට ඔවුන්ට සත්‍ය මව සොයාගන්න රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව යම් පියවරක් සකසනවා නම් ඉතින් වටිනවා.

:       0       14

කිරිබත් කාලා දරුවන් දන් දෙමු. Sunday, 05 May 2024 07:43 PM

රට රකින අපේ විරුවා මව්බිමට පෙමින් සැමදා...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 442 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 247 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site