IMG-LOGO

ක්‍රිකට් විනිසුරු හරසරින් පිළි ගෙන

(ටී.කේ.ජී.කපිල)

ශ්‍රී ලංකාවට අතිමහත් ගෞරවයක් , කීර්තියක් ගෙන ආ ශ්‍රී ලාංකික ක්‍රිකට් තරග විනිසුරු කුමාර ධර්මසේන මහතා අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දි මහත් හරසරින් පිළිත්තේය.  

ඕස්ට්‍රේලියාවෛ් පැවැති 20 විස්ස ලෝක කුසලාන තරග විනිශ්චයෙන් පසු අද පෙරවේ දිවයිනට පැමිණියේය

1996 වසරේ පැවති ලෝක කුසලාන අවසාන මහා තරගයට ක්‍රීඩකයකු ලෙස සහභාගී වෙමින් සහ ඉන්පසුව වසර 06 ක් නොකඩවා ලෝක කුසලාන අවසාන මහා තරගවල විනිශ්චයකාරවරයකු ලෙස සේවය කළ කුමාර ධර්මසේන මහතා ශ්‍රී ලංකාවට අත් කර දී ඇති කීර්තිය , ගෞරවය ඇගැයීමට ලක් කිරීම සදහා පිළිගැනීමේ උත්සවය සංවිධානය කර තිබුණි.

2009 වසරේ ක්‍රිකට් තරග විනිශ්චය සදහා එක් වූ කුමාර ධර්මසේන මහතා 2012 සහ 2018 යන වසර වල ලෝකයේ හොදම ක්‍රිකට් තරග විනිසුරුවරයා ලෙස සම්මානයට පාත්‍ර වී තිබේ . ඔහු මේ වනවිට ටෙස්ට් තරග 75 ක් , එක් දින සීමිත ඕවර තරග 118 ක් සහ විස්සයි විස්ස තරග 42 ක් සදහා ප්‍රධාන විනිසුරුවරයා ලෙස සහභාගී වී තිබේ .

 



අදහස් (6)

ක්‍රිකට් විනිසුරු හරසරින් පිළි ගෙන

Asanga Wednesday, 16 November 2022 12:08 PM

අපේ අයට ඉවරයක් නැහැනේ... කාගෙද මේ වැඩ...? ඇයි ඔය විදිහට විකාර වැඩ කරන්නේ? කියලා තමයි මට නම් අහන්න තියෙන්නේ.

:       11       29

Rohan Perera Wednesday, 16 November 2022 12:11 PM

මෝඩ මිනිස්සු, මොකටද ඔහොම පිළිගන්නේ...?

:       19       25

lal Wednesday, 16 November 2022 12:45 PM

ගොන්පාට්... මීට වැඩිය හොඳ නැද්ද ක්‍රිකට් බෝඩ් එකට ගෙනැල්ලා ට්‍රීට් එකක් දුන්නා නම්... කෝ රන්ජන්? එයා මේ ගොන් පාට් වලට කවදත් නැ.

:       9       16

kamal Wednesday, 16 November 2022 12:55 PM

අනිත් රටවලින් ආපු උන්නට තමන්ම ටැක්සියක් හොයාගෙන ගුවන් තොටුපොලින් ගෙදර යන්න උනා. අපේ එකාව බෙර ගහලා පිළිගත්තා. දැක්කනේ වැඩ? ඇයි මේ? හේතුව තමයි අපිට දෙදාස් පන්සීයක සංස්කෘතියක් තියෙනවා. අනිත් උන්ට එහෙම නැහැ, උන් නිකම්ම නිකම් තුප්පහි. ඒකයි වෙනස. සසර වසන තුරු.... නිවන් දකින තුරු....

:       6       14

මහේෂ් Wednesday, 16 November 2022 01:28 PM

දැන් උඹලා කියන්නේ ධනුෂ්ක එනකොට බෙරගහලා පිළිගැනීමේ උත්සවයක් තියන්න කියලාද? එහෙම නෙමෙයි රටට කීර්තියක් ගෙනත් දීපු කෙනෙක් මෙහෙම පිළිගත්තාට වරදක් නොපෙනේ. එහෙනම් ඔය වැඩකට නැති... පාලකයින් වෙනුවෙන් නටන ජව්සන් වැඩක් තියේද?

:       6       13

Shantha - Qatar Wednesday, 16 November 2022 02:14 PM

ඔන්න මහත්වරු, මෙයාලාට මහතා කියලා ගෞරව නාම දුන්නාට වරදක් නැහැ. ඇත්තටම ලංකාවට කීර්තියක් ගෙනදෙන මහත්වරු...

:       2       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 178 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 327 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 670 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site