(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරීන් නෙරපා හැරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (9) පස්වරුවේ ඒකමතිකව සම්මත විය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර එය ස්ථිර කරනු ලැබුවේ වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසිනි.
යෝජනාව පිළිබඳ විවාදය ඊයේ දවස පුරා පැවැත්වුණු අතර ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු තිහකට වැඩි පිරිසක් විවාදයේදී අදහස් දැක්වූහ.
යෝජනාව ඊයේ සවස සලකා බැලූ අවස්ථාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු සභා ගැබේ නොසිටීම විශේෂත්වයක් විය.
යෝජනාව සළකා බැලූණු අවස්ථාවේදී
විපක්ෂයේ මන්ත්‍රීවරු ඡන්ද විමසීමක් ඉල්ලමින් දිගින් දිගටම හඬ නැගුහ. මෙහිදී සභාව ඇමතූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසූවේ යෝජනාව මුලදී ඒකමතිකව සම්මතවූ බවයි.
යෝජනාවට සභාවේ අනුමැතිය ඒකමතිකව ලැබී ඇති හෙයින් ඡන්ද විමසීමක් අවශ්‍ය නොවන බවද ඔහු ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් විපක්ෂයේ මන්ත්‍රීවරු ඡන්දයක් ඉල්ලා දිගින් දිගටම ඝෝෂා
කරනු දැකගත හැකිවිය.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විවාදයේ පිළිතුරු කතාව කළේය.
ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයකින් තොරව ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් හැමෝම එක හා සමානව අත්වැල් බැඳ ගෙන සැමගේම එකඟතාව තුළ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන හොර තක්කඩි අල්ලස් දූෂිතයන් ගෙදර යැවිය යුතු බව යෝජනාව ඉදිරිපත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
අධිකරණය සම්බන්ධයෙන් ලොකු විශ්වාසයක් තමාට ඇති නමුත් පෙරේදා දිනයේ මහ ඛේදවාචයක් සිදුවූ බවද ඔහු සඳහන් කළේය.
මෙම යෝජනාව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිකට් කවුන්සිලයට යොමු කිරීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තුවේදී ඊයේ සඳහන් කෙරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කරන්න තියන මූලික කාර්යය නම් පූර්ණ විගණනයයි. ඊළඟට පොදු දේපළ පනත යටතේ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමයි.
කේක් ගෙඩියේ පිට අයිසින් එක ලස්සනට තිබ්බට, ඇතුළේ නම් කුණු ගඳ ගහන කේක් ගෙඩියක් වගේ පේන්නේ නම්...!
විවාදයට ජාජබ නැහැ... ධම්මික, ටිරාන් වගේ සූදු ෂම්මිත් සහෝදරයින්ට කප්පම් දෙනවා ඇති...
දූෂණයට එරෙහි කේවල බලවේගය තමන් යයි පාරම්බාන, එසේම දූෂණ කෙවිටෙන් තම දේශපාලන විරුද්ධ වාදීනට තිරශ්චීන ලෙස පහර දෙන ජවි පෙරමුණේ කයිවාරුකාරයින් මෙතැනින් පැනලා ගියේ ඇයි? ශම්මි සමග සිදු කරනු ලබන ව්‍යාපාරික ගනුදෙනු ජවිපෙටත් ඇති නිසා ද?
මේ සම්බන්ධව NPF ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ යුතුයි. නැතිනම් ජනතාව ඉන්නේ වැරැදි මතයක...