(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා එහි ප්‍රධානීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) හමුවට ලබන 14 වැනිදා අඟහරුවාදා සවස 2.00 ට කැඳවනු ලැබ සිටිති.
එහිදී එම දූෂණ වංචා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි එම කමිටුව පවසයි.
ශ්‍රී ලංකන් ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ගැටලුවක් පවතීනම් ඒ පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට යොමු කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට පාර්ලිමේන්තුවේ දී අද (10)දැනුම් දුන්නේය.
මේ අතර ක්‍රීඩා අමාත්‍යාංශය අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීම අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවැත්වුණද ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් සහභාගී වූයේ නැත.
මේ පිළිබඳව ක්‍රිකට් ආයතන බලධාරීන් පාර්ලිමේන්තුවේදී ඊයේ විවේචනය කෙරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අස්සයා ගියාට පස්සේ ඉස්තාලය වහනවා. මේ මොන බොරුද කරන්නේ? මෙච්චර කල් කාල් ගාලා, ඊයේ කෝප් එකේ හෙළුව පෙන්නුවා ම දනිපනි ගාලා වැඩ... මොන ඔට්ටුද ඔවුන් එන්නේ නෑ. කෝප් කාරයෝ පෙනුමට එන්න කියනවා විතරයි. කීයක් හරි හොයාගන්න හදන්නේ...!
රහස් පොලිසිය වැඩේට අතගහන්නේ නැති, නීතිපති අතගහන්නේ නැති, විගකාධිපති අත ගහන්නේ නැති සර්වබලධාරී ක්‍රිකට් බුදින මණ්ඩලය කෝප් එක ඉස්සරහ දෙකට නැමෙන හැටි අපිට බලාගන්න පුළුවන්... එහෙම නම් දාහතර වෙනිදාට...!
ශම්මි යා පහුගිය කාලේ කීවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ පෞද්ගලික ආයතනයක්, ඒ නිසා කෝප් කමිටුවට එන්නේ නෑ කියලා. කෝප් එකත් කටයි, පස්සයි වහගෙන හිටියා... දුන්නු ගතමනාව අරගෙන .. මේ පාර ආවොත්, එන්නේ කට්ටිය එකතුවෙලා බයිලා එකක් ගහන්න...
කෝප් කමිටුවේදී සිදුවන දේ ජනතාවට දැනගැනීමට ඒ කථාබහ ප්‍රචාරය කරන්න.