(අංජුල මහික වීරරත්න)
රටේ කඩාවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟීමට හැකි නම් ක්‍රිකට් ක්‍රීඩාව ද යළි නගා සිටුවිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
තමාට අවශ්‍ය මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ජයග්‍රහණය කරවීමට බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (14) පස්වරුවේ පැවති හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
2024 රාජ්‍ය අය වැය පිළිබඳ මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබු අතර මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය නියෝජනය කරමින් පුවත්පත් කතුවරු සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරු මීට එක්ව සිටියහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ මෙවර අයවැය රටේ ආර්ථිකය සහ දේශපාලනය වෙනස් කරන අයවැයක් බවයි.
රටේ බිඳවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟීම තම අරමුණු වන අතර එම ඉලක්කයට තමා දැනටමත් ළඟාවෙමින් සිටින බව පැවසු ජනාධිපතිවරයා දේශපාලනයකින් තොරව එම ඉලක්කය සාර්ථක ලෙස අවසන් කිරීම තම අභිප්‍රාය බවද පැවසීය.
දේශපාලන පක්ෂ මැතිවරණ ඉලක්ක කර ගනිමින් කටයුතු කළත්, තම පළමු රාජකාරිය රට බංකොළොත් භාවයෙන් නිදහස් කර ගැනීම වන අතර තමා අනෙකුත් කටයුතු දෙස අවධානය යොමු කරන්නේ ඉන් අනතුරුව බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගැනීමේදී vito powers පාවිච්චි කරන්න කෙනෙක් හිටියේ නැහැ. ක්‍රිකට් ගොඩ ගන්න ඔබට ක්‍රිකට් මණ්ඩලයට ඇඟිලි ගහන්න ඉඩ ලැබෙන්නේ නැහැ. එහෙනම් ඔබට හොරුත් සමග හෙළුවෙන් හිටගන්න වෙනවා...
පින් ජනපතියා දවල් හීන දකිනවා. ආර්තිකය ගොඩගන්න තිබුණා. දූෂිත පවුල් පාලනේ අය හොරාකාපුවා අයකරගන්න ක්‍රමයක් හැදුවා නම්...!
ඊට ඉස්සෙල්ලා තමුන්ටයි, තමුන්ගේ පක්ෂයටයි ඡන්දෙකින් ගොඩයන්න පුළුවන්ද කියලා බලන්න...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂිත විධායක නිලධාරීන් තබා ගනිමින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව යළි ගොඩනැගිය හැකි බව ජනාධිපතිවරයා පවසයි. මහා බැංකු මංකොල්ලයට ඔබ කටයුතු කළ ආකාරය මහජනතාව දන්නවා.
ක්‍රිකට් ක්‍රීඩාවට සක්තිමත් පදනමක් මත ගොඩනැගිය යුතු අතර ක්‍රීඩාවට ආදරය කරනාවූ වගවීම, වගවකීම, විනිවිදභාවය පවත්වාගෙන යා හැකි කණඩායමක් යටතට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පත්කළ යුතුවේ.
තමන්ගෙ දේ වත් නග්ගගන්න බැරි ඔහේ, මේ නාබර ගැටව්ටත් එහා කොහෙ නග්ගන්නද? යන්ඩ ලොක්කා නයි අරින්නැතුව...........
අනේ විහිළු නොකර ඉන්න... රටට කෙරූ දේ තමයි ඔබලා ක්‍රිකට්වලටත් කෙරුවේ..
විනාශයි
මේක ඇත්තටම කරන්න නම් සාගලට වැඩිය ආදරණීය කෙනෙක් ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න ඕනි ,නැත්නම් ඉතින් මේකත් 2048 තමා
මිනිස්සු ඇත්ත තේරුම් ගන්න ඕනේ... මෙයාට ළදරු පාසලක්වත් හරියට පාලනය කරගන්න බෑ. ඉතින් රටේ ආර්ථිකය... ක්‍රිකට් ගැන මොන කතාද?
මේ දාලා තියෙන කමෙන්ට්ස් දැක්කාම පේනවා... මෙයාට කිසි කැමැත්තක්, විශ්වාසයක් මිනිස්සුන්ට නැහැ කියලා... ඒත් වැඩේ කියන්නේ ඔවුන් තමයි පොරවල්...!