
හැමදාම බෙදෙන පාර්ලිමේන්තුව මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කිරීමට සහ ගම් නගර බිම් මට්ටිමින් පළාත් හා ක්‍රිකට් සමාජ මට්ටමින් දියුණු කිරීමේ වැඩසටහනක් වෙනුවෙන් එකට එකතු වුණා. එවැනි තත්ත්වයක් තුළ ඊයේ රාත්‍රියේ අයි.සී.සී එක අප රටට ක්‍රිකට් තහංචියක් දමා ඇති බවට දැන ගන්නට ලැබුණා. ඒ සම්බන්ධයෙන් අද උදේ ඊ. එස්. පී. එන්. නාලිකාව නියෝජනය කරන ක්‍රිර්ක් ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කර සිටියේ මෙම තහනම ලබා දීමට අවශ්‍ය ගොනුකර ඇත්තේ අපේම රටේ ශ්‍රී ලංකා ක්‍රිකට් කියන ආයතනය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අපේම රටේ ආයතනයක් රටට විණ කරන්න කටයුතු කර ඇති බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ සිටින්නේ දේශදේරා්හියන් සහ රාජදේරා්හියන් බවත් ඔවුන් සමස්ත පුරවැසියන්ටම දේරා්හිකම් සිදුකර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (11) විපක්ෂ නායක කාර්යාලයේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් හමුවූ අවස්ථාවේදීය.
එහි දී විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ වාර්තා වන ආකාරයට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වීමේ වරම් අහිමි විය හැකි බවත්ය.
එසේම තමන්ගේ හොර ගනුදෙණු, දූෂිත මුදල් ගනුදෙණු සහ ක්‍රියාදාම ප්‍රජාතන්ත්‍රවාදය පෙරටු කර ගෙන ආරක්ෂා කර ගැනීමට යන බවත් ඔවුන් අයි. සී. සී යට කියා ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදීව බිහි වූ ක්‍රිකට් බෝඩ් එකට විවිධ බාධා පැමිණෙන බවත් ය. ඔවුන් එසේ කියනවා නම් ප්‍රජාතන්ත්‍රවාදීව බිහි වූ ක්‍රිකට් බෝඩ් එකට අල්ලස් චෝදනා, දූෂණ ක්‍රියාවල නිරත වූ බවට චෝදනා, පගා ගැසීම් සහ කොමිස් ගැසීම් පුළුවන්ද කියා ගැටලු සහගත බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
2018 සංචාරයේ දී එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී විකාශන අයිතිය වෙනුවෙන් අප රටට ලැබෙන්න ඇති ඇමෙරිකා ඩොලර් මිලියන 5.5කට වූ දෙයක් දන්නේ නෑ. ශ්‍රී ලංකා ක්‍රිකට් කියන නමින් පිටරට ඇති ගිණුම්වල එම ලක්ෂ 10175ක මුදලක ඇති බව පැවසුවත් එයට වුන දෙයක් සොයා ගත නොහැකියි. සැබවින්ම එම මුදල් යොමුවිය යුත්තේ රටේ ක්‍රිකට් දියුණු කිරීමට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඉන්දියාවේ ක්‍රිකට් දියුණු කරන්න ගෙන ආ ලෝඩා වාර්තාවට කිසිදු තහනම් නියෝගයක් නැති වුවත් ලංකාවේ ක්‍රිකට් දූෂණ ක්‍රියා ඇතුළත් කුසලා සරෝජනී වාර්තාවට චිත්‍රසිරි වාර්තාවට නිතිමය ක්‍රියාමාර්ග ගත නොහැකි ලෙස තහනමක් ගෙන ඇති බවත් ලංකාවේ එවැනි වාර්තා තහනම් වීම පුදුමයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෙසේ හොරා කාපු මුදල් අයිති රටේ ජනතාවට බවත් මෙසේ මුදල් හොරා කන විට කොන්ද පන නැති පුද්ගලයන් සේ බලා සිටිනවාද කියා ජනතාව තීන්දු කළ යුතු බවත් පාර්ලිමේන්තුවද පක්ෂ භේදයකින් තොරව ක්‍රිකට් වෙනුවෙන් එකට එකතු වූවා සේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ලක්ෂ 220ක් වූ ජනතාව ද එකට එකතු වී නැගී සිටිය යුතු බවත් රට බංකොලොත් වූයේ පවුල්වාදය සහ ගජමිතුරු වාදයේ හොරා කෑම නිසා බවත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් පවා ආක්‍රමණය කර ඇති බැවින් ඊට විරුද්ධව එකට එකතු විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙසේ හොරා කාපු මුදල් අයිති රටේ ජනතාවට බවත් මෙසේ මුදල් හොරා කන විට කොන්ද පණ නැති පුද්ගලයන් සේ බලා සිටිනවාද කියා ජනතාව තීන්දු කළ... රට බංකොළොත් වූයේ පවුල්වාදය සහ ගජමිතුරුවාදයේ හොරා කෑම නිසා බවත්... මේ විදියට කෑගැහුවේ, දැඟලුවේ නැහැනේ ගෝඨාභය ඇතුළු "වියත්රැ මග "රට කම්බස් කරපු වෙලාවේ...
සැවොම එකතුවෙලා ක්‍රිකට් ආයතනය තුළ ඉන්න දෙයියන් ගිලපු ගොන්නු ටිකයි සල්ලි ගිලින පාතාලයින් ටිකයි කොටු කරගෙන රටටම දැනෙන විප්පලවයක් කළොත්, වැඩක් කළා යැයි කිවහැකි වේවි... සල්ලි එහෙට මෙහෙට විසිවෙන නිසා දැන්මම මොකුත් නොකියා සාමාන්‍ය ජනතාව ලෙස අපි බලා සිටිමු...
ශම්මි දේශපාලන බලය, පාතාල බලය, ඉන්දියාවේ බලය අරගෙන සල්ලි බලෙන් බූවල්ලෙක් වගේ අපේ ක්‍රිකට් අල්ලාගෙන ඉන්නවා නම්, අපි ඔහුට මහජන බලය පෙන්වමු.. නීතියට දේශපාලකයාට පාර්ලිමේන්තුවට කරන්න බැරි බොහෝ දේවල් කරන්න ජනතා බලයට පුළුවන්... ගාර්ඩ් එක දමාගෙන ඉන්නේ ක්‍රිකට් බෝර්ඩ් එක වටේ පමණි.. පාතාල කාරයින්ගේ ගෙවල් වට කරමු.. හොරකම් කරන ලද ධනය නැවත පවරාගමු... රටින් එළවා දමමු...!
ඔවුන්ව අත්අඩංගුවට ගන්න...
අනේ මේ උන්නැහේ අපි මැරිලා උපන්නේ නැහැ... ඔහේගේ පියනෝගේ කාලේ කරපු දේවල් අමතක වෙන්න. ඔහෙත් කරන්නේ ඒ සිල්ලර දේශපාලනේම තමයි. නිකන් යන්න මහත්තයෝ යන්න.. විහිලු නොකර...
ක්‍රිකට් පරිපාලනය සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ඇතුළු විපක්ෂය අතර වෙනසක් නැහැ... "පුරවැසියනි, රට වෙනුවෙන් නැගී සිටින්න...’’
(ක්‍රිකට් තහනම් කළේ අපිට කරපු දේශපාලන බලපෑම නිසයි - කණ්නාඩිය ඉස්සරහට ගිහින් බැලුවොත් කව්ද හොරා කියලා පෙනේවි යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය) මෙයාට දැන් රටේම තියෙන ලොකුම ප්‍රශ්නය මේක... බල පෙරේතකමට දූෂිතයෝ එක්ක එකතුවෙලා ආණ්ඩු පෙරලුවේ කව්ද දන්නේ නැහැ...