
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පනවා ඇති තාවකාලික තහනම සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමර්ග නොවැම්බර් 21 වැනි දා ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ රැස්වීමේ දී තිරණය කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන රැස්වීම නොවැම්බර් 18 සිට 21 දක්වා අහමදාබාද්හිදී පැවැත්වීමට නියමිත අතර 21 වැනි දා එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ රැස්වීමට පැවැත්විමට නියමිතය.
ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය පවසා ඇත්තේ ශ්‍රී ලාංකා ක්‍රිකට් හි ක්‍රියාකාරීවයට සහ එහි පාලනයට රජය මැදිහත් නොවන බව තහවුරු විය යුතු බවයි.
මේ සම්බන්ධයෙන් ඉදිරියේදී කරුණු සොයා බලන බව ද එම කවුන්සිලය කියයි.
ශ්‍රී ලංකාවට තාවකාලික ක්‍රිකට් තහනමක් ඊයේ සිට පනවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ICC එක ඉන්නේ ශම්මිලාගේ පැත්තේ වගේ පේන්නේ... මොකද එයාලා කියන්නේ දේශපාලන මැදිහත් වීම් විතරයි, නමුත් ශ්‍රී ලන්කන් ක්‍රිකට්වල හොරකම් ගැන කතා කරන්නේ නැහැ.
ලෝකෙට විහිළුවක් වුණු ටීම් එකක් ක්‍රිකට් ගහන්න යවනවාට වඩා හොඳයි ක්‍රිකට් තහනම් කරන එක...!
ෂම්මි ඇතුළු නඩය තමයි ඉන්දියාවට ක්‍රිකට් විකිණුවේ...
අපිනම් කැමැති ඔය තහනම අවුරුද්දක් විතර තියනවා නම්, ඊට පස්සේ ඔක්කොම බහිරවයෝ ඕකෙන් අයින් කරලා අලුතින් පටන් ගනිමු...!
ලංකාවේ ක්‍රිකට් පරිපාලනයට රජය මැදිහත් විය යුතුද නැද්ද කියලා තීරණය කිරීමේ අයිතිය තිබී ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට මිසක මේ කොහේවත් නැති අයි.සී.සී එකේ වැඩකට නැති බංකන්ට නොවෙයි. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ඒකමතිකව තීරණය කරලා තියෙනවා නම් ක්‍රිකට් පරිපාලනයේ ඉන්න පුද්ගලයින් දූෂිත අකාර්යක්ෂම හා අදක්ෂ පුද්ගලයින් කියලා ඔවුන්ව ඉවත් කිරීම ගැන අයි.සී.සී.ය මෙතරම් කළබල වෙන්න හා ඉක්මන් ක්‍රියාමාර්ග ගන්න පෙළඹෙන්නේ අයි.සී.සී. එකේ හොර බක්කන් මොවුන් සමග රහස් එකඟතා හා ගණුදෙනුවල යෙදෙන බැවින් බව දැන් සක්සුදක්සේ පැහැදිලියි...!
ඔලුවක් නැහැ...
ඔය අයිසීසීයේ කෙරෙන වංචා දූෂණ හොයන්නේ නැත්ද? නැත්නම් කට්ටිය එක්කම එකතුවෙලා ගේම දෙනවද ලෝකෙ පුරාම?
අපිට ක්‍රිකට් එපා... තිලංගටයි, ශම්මිටයි ගෙවන්න බලාගෙන ඉන්න...!