
(සුජිත් හේවාජුලිගේ )
ඇමතිතුමා කණ්නාඩිය ඉස්සරහට ගිහින් බැලුවොත් කව්ද හොරා කියලා පෙනේවි යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය.
තමා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සත පහක් හොරකම් කර නැතැයිද ඔහු සඳහන් කළේය.
මිනිසුන් ඇවිස්සී සිටින හෙයින් ගෙදර නොසිටින ලෙස පොලිසියෙන් පැමිණ තමාට පැවසුවේ යැයි පැවසූ ශම්මි සිල්වා මහතා තමාගේ ආරක්ෂාවට අද ගැටළුවක් ඇතැයිද ප්‍රකාශ කළේය.
තමාට අමුතුවෙන් හරිහම්බ කරගන්න දෙයක් නැතැයිද තමා මුදල් තිබුණු පවුලක අයකු යැයිද ඔහු සඳහන් කළේය.
ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කළේ ක්‍රිකට් ආයතනයට දිගින් දිගටම කැරුණු දේශපාලන බලපෑම් සැලකිල්ලට ගෙන බව ශම්මි සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කොළඹ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිලතල දරන ඔක්කොම හොරු තමයි බන්...!
සත පහක් කියන්නේ දැන් කාලයේ කිසිම වටිනාකමක් නැති මුදලක් නේද මහත්තයෝ... ඉතින් එහෙම නොවටිනා මුදලක් මොකට හොරකම් කරන්න තරම් කිසිවකු මෝඩ වෙන්නේ නැහැ... සාමාන්‍යයෙන් හිඟන්නෙකුට වුණත් රුපියල් දහයක් දුන්නත් විසිකර දමන තත්වයක් රටේ තියෙන්නේ එහෙම නම් සත පහක් හොරකම් කරලා මොකටද කියලා තමයි හිතන්නේ...
එහෙනම් ජේ.ආර්. කාලයේ එතුමා හා හිටපු ඇමති ගාමිණී මැතිතුමා මැදිහත්වීම නොකළානම් ලංකාවට ක්‍රිකට් ඔය තත්වයට ගේන්න පුළුවන් වෙයිද සභාපතිතුමා? ඒ කාලයේ දවසක් රජයේ නිවාඩු දීමට ජේ.ආර් ජනාධිපති කටයුතු කළ නිසා තමයි ලංකාවෙ ක්‍රිකට් ඔතරම් දියුණුව ලැබුවේ. ඒත් මෑතකදී සියල්ලම නැතුව ගියේ මොකද කියලා අපිට තේරුම් ගන්න බැහැ...
හොරෙක් හොරෙක්... ඒ හොරු රකින තවත් හොරු ඇති නේද අනේ...!
අපි ඔබතුමා කවුද කියලා දන්නවා.. හොරු පිරිසක් එක්ක ඉන්නවා කියලා...!
තමුන් කන්නාඩියක් ඉස්සරහට ගිහින් බැලුවොත් කම්බ හොරුන් කවුද කියලා පෙනෙයි...
සත පහක් නම් හොරකම් කරලා නැතිව ඇති. මිලියන ගණන්නේ හොරකම් කරලා තියෙන්නේ...!
සත පහවල් ඉවර කරපු කාලේ ඉවරයි ශම්මියෝ... දැන් කෝටි 5ක් ආවම එහෙම නේද?
අනේ තොත්ත බබා..!
දේශපාලකයන්ට හැර වෙනකාටවත් ඔබලා කරන හොර දූෂිත වැඩවලට විරුද්ධව නැගී සිටින්න පුළුවන්ද? ඔබලාගේ පොටෝ ටික දැක්කාම පෙනෙනවා බෙදාගෙන බදාගෙන කන පට්ට හොරු රැලක් කියලා. ජනතාවට උඹලා එපා කියනවා නම් අස්වෙලා පල. ඔබලාගේ හොරවැඩ ICC එක දන්නේ නැහැ. ඒවා දන්නේ රටේ දේශපාලකයෝ...!
ඩොලර් මිලියන 30 අඹරලා අස්සේ ගහගත්තා නම් හරි...
අපිට ක්‍රිකට් එපා... ඔයාට මොනවද ඕනේ...?
ශම්මිත් කණ්ණාඩියක් ඉස්සරහට ගියා නම් හොඳයි.
ඔව්, අන්ත දූෂිත හොරකම් වලට එරෙහිව කළ බලපෑම්...!