IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ක්‍රිකට් තහනම් කළේ අපිට කරපු දේශපාලන බලපෑම නිසයි

(සුජිත් හේවාජුලිගේ )

ඇමතිතුමා කණ්නාඩිය ඉස්සරහට ගිහින් බැලුවොත් කව්ද හොරා කියලා පෙනේවි යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය.

තමා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සත පහක් හොරකම් කර නැතැයිද ඔහු සඳහන් කළේය.

මිනිසුන් ඇවිස්සී සිටින හෙයින් ගෙදර නොසිටින ලෙස පොලිසියෙන් පැමිණ තමාට පැවසුවේ යැයි පැවසූ ශම්මි සිල්වා මහතා තමාගේ ආරක්ෂාවට අද ගැටළුවක් ඇතැයිද ප්‍රකාශ කළේය.

තමාට අමුතුවෙන් හරිහම්බ කරගන්න දෙයක් නැතැයිද තමා මුදල් තිබුණු පවුලක අයකු යැයිද ඔහු සඳහන් කළේය.

ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කළේ ක්‍රිකට් ආයතනයට දිගින් දිගටම කැරුණු දේශපාලන බලපෑම් සැලකිල්ලට ගෙන බව ශම්මි සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ කොළඹ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

 



අදහස් (14)

ක්‍රිකට් තහනම් කළේ අපිට කරපු දේශපාලන බලපෑම නිසයි

pakeer Sunday, 12 November 2023 07:51 AM

නිලතල දරන ඔක්කොම හොරු තමයි බන්...!

:       0       0

මරිසිපාල Sunday, 12 November 2023 07:55 AM

සත පහක් කියන්නේ දැන් කාලයේ කිසිම වටිනාකමක් නැති මුදලක් නේද මහත්තයෝ... ඉතින් එහෙම නොවටිනා මුදලක් මොකට හොරකම් කරන්න තරම් කිසිවකු මෝඩ වෙන්නේ නැහැ... සාමාන්‍යයෙන් හිඟන්නෙකුට වුණත් රුපියල් දහයක් දුන්නත් විසිකර දමන තත්වයක් රටේ තියෙන්නේ එහෙම නම් සත පහක් හොරකම් කරලා මොකටද කියලා තමයි හිතන්නේ...

:       0       1

ෆ්‍රැන්සිස්කු Sunday, 12 November 2023 08:00 AM

එහෙනම් ජේ.ආර්. කාලයේ එතුමා හා හිටපු ඇමති ගාමිණී මැතිතුමා මැදිහත්වීම නොකළානම් ලංකාවට ක්‍රිකට් ඔය තත්වයට ගේන්න පුළුවන් වෙයිද සභාපතිතුමා? ඒ කාලයේ දවසක් රජයේ නිවාඩු දීමට ජේ.ආර් ජනාධිපති කටයුතු කළ නිසා තමයි ලංකාවෙ ක්‍රිකට් ඔතරම් දියුණුව ලැබුවේ. ඒත් මෑතකදී සියල්ලම නැතුව ගියේ මොකද කියලා අපිට තේරුම් ගන්න බැහැ...

:       0       0

podi hadaya Sunday, 12 November 2023 08:34 AM

හොරෙක් හොරෙක්... ඒ හොරු රකින තවත් හොරු ඇති නේද අනේ...!

:       0       0

Nadadawa withanage sisira kumara Sunday, 12 November 2023 09:20 AM

අපි ඔබතුමා කවුද කියලා දන්නවා.. හොරු පිරිසක් එක්ක ඉන්නවා කියලා...!

:       0       0

සමන් Sunday, 12 November 2023 09:51 AM

තමුන් කන්නාඩියක් ඉස්සරහට ගිහින් බැලුවොත් කම්බ හොරුන් කවුද කියලා පෙනෙයි...

:       0       1

Asela Sunday, 12 November 2023 10:12 AM

සත පහක් නම් හොරකම් කරලා නැතිව ඇති. මිලියන ගණන්නේ හොරකම් කරලා තියෙන්නේ...!

:       0       2

Perera Sunday, 12 November 2023 10:15 AM

සත පහවල් ඉවර කරපු කාලේ ඉවරයි ශම්මියෝ... දැන් කෝටි 5ක් ආවම එහෙම නේද?

:       0       2

fairoos Sunday, 12 November 2023 01:21 PM

අනේ තොත්ත බබා..!

:       0       0

Bamunuarachchi Sunday, 12 November 2023 04:53 PM

දේශපාලකයන්ට හැර වෙනකාටවත් ඔබලා කරන හොර දූෂිත වැඩවලට විරුද්ධව නැගී සිටින්න පුළුවන්ද? ඔබලාගේ පොටෝ ටික දැක්කාම පෙනෙනවා බෙදාගෙන බදාගෙන කන පට්ට හොරු රැලක් කියලා. ජනතාවට උඹලා එපා කියනවා නම් අස්වෙලා පල. ඔබලාගේ හොරවැඩ ICC එක දන්නේ නැහැ. ඒවා දන්නේ රටේ දේශපාලකයෝ...!

:       0       0

Kumara Sunday, 12 November 2023 07:54 PM

ඩොලර් මිලියන 30 අඹරලා අස්සේ ගහගත්තා නම් හරි...

:       0       0

Kumara Sunday, 12 November 2023 08:04 PM

අපිට ක්‍රිකට් එපා... ඔයාට මොනවද ඕනේ...?

:       0       0

Raghu Sunday, 12 November 2023 11:57 PM

ශම්මිත් කණ්ණාඩියක් ඉස්සරහට ගියා නම් හොඳයි.

:       0       0

Sunil Monday, 13 November 2023 06:29 AM

ඔව්, අන්ත දූෂිත හොරකම් වලට එරෙහිව කළ බලපෑම්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 5 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site