
(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙරටට පැනවූ ක්‍රිකට් තහනම ඉවත්කර ගැනීමට පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතදීත් ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
මෙරටට පැනවූ ක්‍රිකට් තහනම ඉවත්කරවා ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා කීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අන්ත දූෂිත ආයතනයක් බව මෙරට සෑම පුරවැසියකුම පිළිගන්නා කරුණක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එබැවින් ජාතික ප්‍රශ්නයක් සේ සලකා පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලුම දෙනා එකතුව එකතුව යෝජනාවක් සම්මත කරගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණය පිටුදැකීමේ අරමුණින් බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
එය කිසිසේත්ම දේශපාලන අත පෙවීමක් නොවන බවද ඔහු සඳහන් කළේය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් මෙරටට ක්‍රිකට් තහනමක් පැනවූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වාගේ ඉල්ලීමට බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය රැසක් මේ වනවිට වාර්තා කර ඇතැයි කී අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් යනු මෙරට ජනතාවගේ පොදු දේපලක් මිස ඔහුගේ පුද්ගලික බූදලයක් නොවේයැයි පැවසීය.
ක්‍රිකට් සභාපතිවරයා මෙවැනි ඉල්ලීමක් කර ඇත්නම් එය රට පාවාදීමක් බව පැවසූ රණතුංග මහතා ඊට එරෙහිව විෂය භාර අමාත්‍යවරයා විසින් වහා නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කප්පම්, ඉඩම් බහිරවයින්ගෙන් වැඩක් නෑ. පාඩුවේ ඉන්න.
පොහොට්ටුවට ලකුණු දා ගන්නද ?
ශම්මි සිල්වා එවැනි යෝජනාවක් ක්‍රිකට් කවුන්සිලයට කර ඇත්නම් වහාම ඔහුව අත්අඩංගුවට ගත යුතුයි.
ශම්මි සිල්වා විතරක් නෙමෙයි... තව අය ඉන්නවා... අපි මැරිලා හිටියේ නැහැනේ.... මේ පවුල ක්‍රිකට් ඇදගෙන ගිය හැටි ඒ කාලේ. ගහන්න පුළුවන් හැම තැනම ගැහුවා. මතකද ක්‍රීඩා අමාත්‍යාංශය මෙයාගේ කාමරයට ඇඳන් එහෙමත් ගෙන්නාගෙන තිබුණා...!
ඔක්කොම හොරු තමයි...!
ICC සභාපතිට තගක් දාලා... කප්පමක් ගන්න බලන්න.. තහනම ඉවත් නොකෙරුවොත්...
ඇත්තද?
ඊට කලින් ඇතුලේ සුද්දයක් දාන්න. ක්‍රිකට් තහනම් නම් ක්‍රිකට් මණ්ඩලය වැඩක් නැහැ නේද?
ඇමැති ප්‍රසන්න රණතුංග යෝජනා කළ විදිහට, ක්‍රීඩා ඇමැතිතුමා මීට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගත යුතුයි...