IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ක්‍රිකට් තරඟය අතරතුර මත්පැන් අලෙවි කළ දෙදෙනෙක් අත්අඩංගුවට

(සුජිත් හේවාජූලිගේ)


කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩංගණයේදී පැවති ශ්‍රී ලංකා- එංගලන්ත දිවා-රාත්‍රී ක්‍රිකට් තරගයේදී දෙස් විදෙස්  නරඹන්නන් පිරිසකට නීති විරෝධී අන්දමින් මත්පැන් විකිණූ තරුණයන් දෙදෙනෙකු  මත්පැන් ද සමඟ  අත්අඩංගුවට ගත් බව  කොළඹ  නගර සුරාබදු ස්ථානය පවසයි.


සැකකරුවන් නරඹන්නන්ට මෙසේ දී ඇත්තේ විස්කි, බ්‍රැන්ඩි, වොඩ්කා හා වයින් යනාදී  මත්පැන් යැයි කොළඹ නගරය සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක චානක නානායක්කාර මහතා ‘ලංකාදීපය’ට  පැවසීය.


වායුසමීකරණය කළ විශේෂිත කුටියක සිට දෙස් විදෙස් සංචාරකයන් පිරිසකට ක්‍රිකට් තරගය නැරඹීමට සලස්වා මෙම මත්පැන් පිළිගැන්වූ බවත් මෙම කුටියේ සිට තරගය නැරඹීය සඳහා අයකුගෙන් රුපියල් 20,500 බැගින් අය කර තිබූ බවත් හෙළවී ඇතැයි සුරාබදු ස්ථානාධිපතිවරයා පැවසීය.


කොල්ලුපිටිය ප්‍රදේශයේ සංචාරක ප්‍රවර්ධන ආයතනයක් මුල් වී මෙම ජාවාරම කර ඇති බවත් සැර මත්පැන් ද සමඟින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනා අවුරුදු 24 හා 26 යන වයස්වල පසුවන්නන් බවද හෙළි වී ඇත.


මෙම ක්‍රීඩංගනයට  මත්පැන් ගෙනයාම තහනම් බවත් ආරක්ෂක මුර කපොලුවලින් වසන් වී මේ ස්ථානයට මත්පැන් ගෙන ගියේ කෙසේදැයි සොයා බලන බවත් චානක නානායක්කාර මහතා පැවසීය.


අත්අඩංගුවට  ගත් සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 



අදහස් (0)

ක්‍රිකට් තරඟය අතරතුර මත්පැන් අලෙවි කළ දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site