(රන්ජන් කටුගම්පොළ)
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහිව නිකුත් කර ඇති අතුරු නියෝගය විසුරුවා හරින ලෙස ඉල්ලා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අභියාචනාධිකරණය හමුවේ සිය සීමිත විරෝධතා ගොනු කරනු ලැබ ඇත.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සිය නීතිඥ ජී. ජී අරුල්ප්‍රගාසම් මහතා මගින් ගොනු කරනු ලැබ ඇති විරෝධතා වල මෙසේ ද සඳහන් වේ.
ෂම්මි සිල්වා මහතා අභියාචනාධිකරණයෙන් අතුරු නියෝගයක් ලබා ගෙන ඇත්තේ අධිකරණයට ව්‍යාජ කරුණු ඉදිරිපත් කර අධිකරණ නොමග යවමින් ඒ මහතා වැරදි තොරතුරු අඩංගු ප්‍රකාශයක් ද අධිකරණයට ඉදිරිපත් කර ඇත. මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ යටි අරමුණකිනි. ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් තමන්ගේ අරමුණ වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ඇති දූෂණ හා මූල්‍ය අක්‍රමිකතා මුලිනුපුටා දමා මූල්‍ය විනයක් ඇති කොට ක්‍රීඩාව දියුණු කිරීමය. එබැවින් අදාළ පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමන ලෙස ද ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහිව නිකුත් කර ඇති නියෝගය විසුරුවා හරින ලෙසද ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සිය විරෝධතා මගින් ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තද රොශාන්
ක්‍රිකට් නාඩගම් නටලා වීරයෙක් වෙලා ජනාධිපතිවරණයට ඉල්ලුවාට ඡන්දෙ නම් දෙන්නේ නෑ පුතේ...!
හිතවත් ක්‍රීඩා ඇමතිතුමනි; ඔබේ නීතිමය ක්‍රියාමාර්ග සමඟ ඉදිරියට යන්න. කෙසේ වෙතත්, දෝෂාභියෝගයට ලක්විය යුතු වරදක් කර ඇති ඕනෑම විනිසුරුවරයෙකුට එරෙහිව පාර්ලිමේන්තුව තුළ දෝෂාභියෝගයක් ආරම්භ කිරීම ද වැදගත් ය.