(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කොළඹදී පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තවත් රියදුරකු ‘කොවිඩ්’ ආසාදිතයකු ලෙස හදුනාගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියකු පැවසීය.
එම රියදුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවයට යොදවා සිටි අයකු බව කී එම නිලධාරියා රියදුරන් සඳහා දින දෙකකට වරක් කරන රැෆිඩ් ඇන්ටිජන් පරීක්‍ෂාවෙන් ඔහු ආසාදිතයකු බවට තහවුරු වූ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය ඇතු`ඵ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ ක්‍රීඩාංගණවලින් සහ ආයතනවලින් මේ වන විට 100 කට අධික ‘කොවිඩ්’ ආසාදිතයන් හදුනාගෙන ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.