IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ක්‍රිකට් ආයතනය ක්‍රීඩා ඇමතිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි

(යොහාන් භාසුර)

ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ (19) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කළ ද්වේශසහගත සහ පදනම් විරහිත චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් අන්ත්ජාතික ක්‍රිකට් සභාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන ලෙස ඉල්ලීමක් කළේ යැයි කළ චෝදනාව ද තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට්වලට පනවා ඇති තහනම හැකි ඉක්මණින් ඉවත්කරගැනීමට කටයුතු කරන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම නිවේදනයෙන් අවධාරණය කරයි.  

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් රජයේ බලපෑමෙන් තොරව ස්වාධීනව ක්‍රියාත්මක වියයුතු බවත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළේ පූර්ණ සාමාජික රටවල්වල අධ්‍යක්‍ෂවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැති රැස්වීමකදී බවත් එම නිවේදනයේ සඳහන් වේ.

අදාල චොද්නා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගවලින් තොරව මාධ්‍ය ඔස්සේ මහජන මතයට බලපෑම් කරමින් වෙනත් අපේක්‍ෂාවක් මුදුන් පමුනුවා ගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කරන බවත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කටයුතු සහ එහි සාමාජිකයන් අතර සම්බන්ධතා පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයාට පුළුල් අවබෝදයක් නොමැතිවීම පිළිබඳව ගණගාටු වන බවත් ක්‍රිකට් ආයතනය පවසයි. 



අදහස් (3)

ක්‍රිකට් ආයතනය ක්‍රීඩා ඇමතිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි

C.K.Lankaputhra Tuesday, 21 November 2023 06:26 AM

බල්ලා විසින් නැට්ට වනවා අප දැක ඇති මුත් නැට්ට විසින් බල්ලා වනවා අප අසා හෝ දැක නැත. සිරි ලංකා එකේ එය සිදුවෙමින් පවතී. එය තමයි මේ රටේ දේශපාලනය. තව උදාහරණයක් : පොලිස්පති පත් කිරීම රටේ ලොක්කාට කල නොහැකිව ඇත්තේ පොඩ්ඩාගේ අකමැත්ත නිසාය. බල්ලා වැනි වැනි ඔහේ සිටී.

:       0       3

A delighted Cricket Fan Tuesday, 21 November 2023 11:34 AM

කිසිවකු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට චෝදනා එල්ල නොකළ යුතුයි.

:       0       0

An Honest Cricket Lover Tuesday, 21 November 2023 12:49 PM

මොනතරම් කුහකයෝද! ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් විධායකයින් ICC (ජාත්‍යන්තර අපරාධ කවුන්සිලය) ට ආයාචනා කළ අතර දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායකයින් අපට පවසන්නේ තරඟ තහනම ඉක්මනින් ඉවත් කර ගැනීමට උත්සාහ කරන බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම සදහටම තබා ගන්නා ලෙස සංවේදී ක්‍රිකට් ලෝලීන් ICC ට පැවසිය යුතුය.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site