(රන්ජන් කටුගම්පොළ)
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඉවත්වන බව දැනුම් දුන්නේය.
තමන් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සහ අනිකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කර ඇති පදනම් විරහිත ප්‍රකාශය හේතුවෙන් තමන් මෙසේ නඩු විභාගය ඉවත් වන බව ද සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය
ඉන් අනතුරුව මෙම රිට් පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල වෙත යොමු කෙරිණි.
අභියාචනාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ද ඉවත් වන බව දැනුම්දීම හේතුවෙන් නව විනිසුරු මඩුල්ලක් නම් කිරීම සඳහා අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත රිට් පෙත්සම යළිත් යොමු කෙරිණි.
ඒ අනුව මෙම රීට් පෙත්සම ඩී.එන් සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම මස 16 වැනි දින කැඳවන ලෙසද නියෝග කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අපිට යමක් හිතාගන්න පුළුවන් නේද? අබ කෑ මිනිහාගෙලු උගුර දන්නේ කියලා අපේ පැරණි උපහැරණයක් තිබෙනවා වගේ මතකයි.
ගැලපෙන උපහැරණයක් තෝරා ලකුණු තමන්ම දා ගන්න. 1. හොරාට කලින් කෙහෙල්කන වැට පැනීම 2. පුහුල් හොරා කරෙන් දැනෙයි. 3. අබ කෑ මිනිහාගෙයි උගුර දන්නේ.
හොඳ ගානකට විකිණිලා වගෙයි නීතියේ දෙවඟන දූෂණය වෙලා
මේ නඩුවෙන් විතරක් නෙමෙයි වෙන රටක නම් මේ වගේ අය අධිකරණ සේවයෙන් නෙරපලා ඉවරයි .මේ වගේ මිනිස්සුන්ට නඩුකාරයෝ කියන්න ? හොඳ ජාතකයක් තිබුනානම් මේ ඉල්ලා අස්වෙන්න ඕන