(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නරේන්ද්‍ර සිංහ රජතුමාත් එකල රටේ නීතියට අවනත වී වැලි ගෝනි 25ක් පිටේ තබාගෙන පත්තිනි දේවාලයට පැමිණි නමුත් වර්තමානයේ ජනාධිපති ධුරය රටේ නීතියට යටත් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
නරේන්ද්‍රසිංහ රජු උඩරට නීතිය උල්ලංඝනය කර ඇතැයි රාජ සභාව තීරණය කළ අවස්ථාවක එවිට ඊට දඬුවමක් බාරගන්න සූදානම් බව නරේන්ද්‍රසිංහ රජු පැවසු බවද පත්තිනි දේවාලයේ අලුත්වැඩියා කටයුතු සඳහා වැලි ගෝනි 25ක් පිටේ තියාගෙන යන්නැයි රාජ සභාව රජුට දැනුම් දුන්න අතර රජු ඒ අනුව දඬුවම ගෙවා දැමු බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.
එදා රජතුමාට වුණත් දඬුවම් කරන්න පුළුවන් නීතියක් රටෙි තිබුනත් රටේ නායකයා නීතියට යටත් නැතැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
2023 අයවැය කාරක කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව කීය.
ජනාධිපති,අග්‍රාමාත්‍ය කාර්යාලය, උපරිමාධිකරණ වල විනිශ්චයකාරවරු ඇතුළු වැය ශීර්ෂ 25ක් පිළිබඳ විවාදය මෙ දින පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 18
101
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
145
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කිරිඇල්ල රජ කතාවක් මතක් කරයි
sharm warn Wednesday, 23 November 2022 11:43 AM
එ එකාලෙ රජවරු. . දැන් ඉන්න පාදඩයන් ලොකෙ වෙන මොන රටෙ වත් නැති නීතියක් හදාගෙන ඉන්නෙ . . උන්ගෙ ආරක්ශාව ට..
THIS IS MY COUNTRY Wednesday, 23 November 2022 01:36 PM
අපේ මන්ත්‍රීතුමාට ආයුබෝවන්! නරේන්ද්‍රසිංහ රජු තමයි උඩරට අන්තිම සිංහල රජ. එයා වඩිග දේශයෙන් සුරූපී දේහ විලාශයෙන් සපිරි කාන්තාවක් ගෙනැල්ලා අගබිසව හැටියට තබා ගත්තේ ඉහවහා ගිය කැමැත්ත අධිමාත්‍රාවෙන් ගන්න නිසයි. මේ ස්ත්‍රිය අර මායං හැටහතර පිහිටෙන් රාත්‍රියේ යහන් ගතවෙලා වයසක රජු රවටාගෙන ඔහු ලවා රාජඅණක් ක්‍රියාකරවා ගත්ත තමාගේ ඇවෑමෙන් රාජත්‍යවයට පත්වෙන්නේ රජබිසවගේ සහෝදරයෙක් කියලා. ඒ තමයි ශ්‍රී විජය රාජසිංහ අවු.33, රාජාධිරාජසිංහ 08, කීර්ති ශ්‍රී රාජසිංහ 38, ශ්‍රී වික්‍රම රාජසිංහ 17 හෙළයේ අවසාන රජු. රාජා භවතු ධමිමිකෝ...!!!