(අංජුල මහික වීරරත්න)
මෙවර මහ කන්නයේ දී වැඩිපුර කීරි සම්බා වගා කිරීම සඳහා ගොවීන් පොළඹවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
මේ දිනවල වෙළෙඳ පොලේ කීරි සම්බා සහල් වල විශාල හිඟයක් ඇතත් එම හිඟය සහල් මාෆියාව විසින් කෘත්‍රිමව ඇති කළ හිඟයක් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
අවශ්‍ය තරම් කීරි සම්බා වී තොග රටේ තිබුනත් ඇතැම් සහල් මෝල් අයිතිකරුවන් එම වී තොග සඟවා ගනිමින් කීරි සම්බා සහල් වෙළෙඳ පොලට සැපයීම අවම කර ඇතැයි ද අමාත්‍යාංශය කියයි.
කීරි සම්බා අලෙවි කළ යුතු පාලන මිලක් රජය විසින් නියම කර තිබුනත් මේ වනවිට කීරි සම්බා සහල් කිලෝව රුපියල් 305-310 වශයෙන් මිලකට අලෙවි වේ.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවෙි පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය වැටලීම් කළද බොහෝ ව්‍යාපාරිකයින් හොර රහසේ වැඩි මිලට කීරි සම්බා අලෙවි කිරීමේ ජාවාරමක නියැලෙන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමැතිතුමා කියන්නේ පාලන මිලක් තියෙද්දිත් වැඩිමිලට විකුණන එක විසඳුමක් නැහැ කියලද? අනික තොග හංගගෙන වෙළඳපලේ හිඟයක් ඇතිකරන එකට ඇමැතිට බලයක් නැතිද ඒවා නවත්වන්න...?
අපායට යන අයගේ පෝලිමේ දේශපාලුවන්ටත් කළින් ඉන්න සෙට් එකක් තමයි ඔය හොර මුදලාලිලා ටික...
කීරි සම්බා කනවා කියන්නේ දියවැඩියාව සඳහා බෙහෙත් ගන්න විශාල විදේශ විනිමයක් වැයවෙන්නම හේතුවක් වෙනවා කියලා හිතෙනවා... එනිසා ඔය හාල් නැතිවුණාට ප්‍රශ්නයක් නැහැ රටට සෙතක් වේවි....!