IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කීරි සම්බා හිඟය කෘත්‍රිමව ඇති කළ එකක්

(අංජුල මහික වීරරත්න)

මෙවර මහ කන්නයේ දී වැඩිපුර කීරි සම්බා වගා කිරීම සඳහා ගොවීන් පොළඹවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා  කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

මේ දිනවල වෙළෙඳ පොලේ කීරි සම්බා සහල් වල විශාල හිඟයක් ඇතත් එම හිඟය සහල් මා‌ෆියාව විසින් කෘත්‍රිමව ඇති කළ හිඟයක් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

 අවශ්‍ය තරම් කීරි සම්බා වී තොග රටේ තිබුනත් ඇතැම් සහල් මෝල් අයිතිකරුවන් එම වී තොග සඟවා ගනිමින් කීරි සම්බා සහල් වෙළෙඳ පොලට සැපයීම අවම කර ඇතැයි ද අමාත්‍යාංශය කියයි.

කීරි සම්බා  අලෙවි කළ යුතු පාලන මිලක් රජය විසින් නියම කර තිබුනත් මේ වනවිට කීරි සම්බා සහල් කිලෝව රුපියල් 305-310 වශයෙන් මිලකට  අලෙවි වේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවෙි  පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය වැටලීම් කළද බොහෝ ව්‍යාපාරිකයින් හොර රහසේ වැඩි මිලට කීරි සම්බා අලෙවි කිරීමේ ජාවාරමක නියැලෙන බවයි.

 

 



අදහස් (3)

කීරි සම්බා හිඟය කෘත්‍රිමව ඇති කළ එකක්

Chamila Fernando Sunday, 12 November 2023 01:57 PM

ඇමැතිතුමා කියන්නේ පාලන මිලක් තියෙද්දිත් වැඩිමිලට විකුණන එක විසඳුමක් නැහැ කියලද? අනික තොග හංගගෙන වෙළඳපලේ හිඟයක් ඇතිකරන එකට ඇමැතිට බලයක් නැතිද ඒවා නවත්වන්න...?

:       0       0

Nimal Sunday, 12 November 2023 06:39 PM

අපායට යන අයගේ පෝලිමේ දේශපාලුවන්ටත් කළින් ඉන්න සෙට් එකක් තමයි ඔය හොර මුදලාලිලා ටික...

:       0       0

නිලන්ත Sunday, 12 November 2023 07:17 PM

කීරි සම්බා කනවා කියන්නේ දියවැඩියාව සඳහා බෙහෙත් ගන්න විශාල විදේශ විනිමයක් වැයවෙන්නම හේතුවක් වෙනවා කියලා හිතෙනවා... එනිසා ඔය හාල් නැතිවුණාට ප්‍රශ්නයක් නැහැ රටට සෙතක් වේවි....!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 5 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site