
(යොහාන් භාසුර)
ආයනයන සීමා කිරීම සඳහා රජය පැනවූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ධ ඇතුළු වූ කිරි ආශ්‍රීත නිෂ්පාදන සහ පලතුරු ආහාර 9ක බදු තව දුරටත් ඉහළ නැංවීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.
යෝගට්, වෙඩරු, කිරිවලින් නිපදවන තැවරුම් ඇතුළු කිරි ආහාර 5ක, කිලෝවක් සඳහා බද්ද රුපියල් 1000 ක් බවට ද, සියලුම වර්ගයේ චීස් කිලෝවක බද්ධ රුපියල් 400 ක් දක්වා ද, ඉහළ දමා තිබේ.
මිදි, ඇපල් සහ සෙසු පලතුරුවල බද්ද කිලෝවකට රුපියල් 300 දක්වා ද, රට ඉදි සහ දොඩම්වල බද්ධ කිලෝවකට රුපියල් 200 ක් දක්වා ද, ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත්ම හොඳයි. මේ රටේ අයට මොන, මිදි, ඇපල්, චීස්ද? කොස් ගෙඩියක් හෝ පොල් ගෙඩියක් පලාගෙන කාලා ජීවත් වෙන තත්වයට මේ රටේ ගෝත්රිකයින්ව පත්කළ යුතුයි. ඒ කාලේ නම් අඩුවට කන්න කොත්තු වත් තිබුණා. දැන් ඒකත් නැහැ. හොඳ වැඩේ!!
මෙරට නිෂ්පාදනය කරන කිරි ආශ්රිත නිෂ්පාදන මිල ඉහළ දාන්න හේතුව මොකක්ද? නිෂ්පාදනය කඩා වැට්ටවීම....