
(නිමල කොඩිතුවක්කු)
කිරි තේ එකක මිල රුපියල් 10කින් වැඩි කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
ආනයනික කිරිපිටිවල මිල ගණන් ඉහළ දැමීමට ආනයනකරුවන් කටයුතු කිරීම හේතුවෙන් එම තීරණය ගත් බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ප්‍රකාශකයකු පැවසීය.
ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1ක පැකැට්ටුවක මිල රුපියල් 250කින්ද, ග්‍රෑම් 400ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 100කින්ද ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් පියවර ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියල්ල ඉහළ යනකොට කවුරු හරි අල්ලලා හිරේ දාලා ඒ ගැන සමාජ කථිකාවතක් හදමු සහෝ... උගණ්ඩාවේ සල්ලි ගෙනා අපට මේවා කජුද?
ඒ කියන්නෙ මේ අය තේ එකකට පිටි පැකට් එකේ තියෙන ප්‍රමාණයෙන් දහයෙන් පංගුවක් දාන එකද?
ඉතින් අපි කහට තේ බොමු ! මේ ආනයනකරුවන් ගෙන්වා වැඩිමිලට පරිභෝගිකයන් හූරාකෑමට සුදානම් කර තිබෙන කිරිපිටි, ගුදම් වල කල් පනින්න ඉඩ හරින්න ... කිසිම සාධාරණයක් නැති මිල වැඩි කිරීමට දිය යුතු, දිය හැකි එකම පිළිතුර ඒකයි!!
ග්‍රෑම් 400 කිරි පැකට්ටුවකින් කිරිතේ විස්සක් හදනව.රු.100 වැඩිකලාට රු 200/= හම්බ කරනව.
ඔය එකේවත් කිරිපිටි දන්නේ නෑ, කිරිපිටි මිල රු.100කින් වැඩි උනාම මුංගේ ලාභේ රු.500කින් ඉහල යනවා.