(අංජුල මහික වීරරත්න)
මෙරට දියර කිරි නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා කිරි ගවයින් 4200ක් ආනයනය කිරීමට පෞද්ගලික සමාගම් පහකට අවසර ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
එම සමාගම් සඳහා කිරි ගව පට්ටි පවත්වාගෙන යෑමට ජනතා වතු සංවර්ධන මණ්ඩලයට සහ පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මුඩු බිම් අක්කර 2771ක් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබුණ බවද කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.
මෙම ව්‍යාපෘතිය සඳහා රජයෙන් කිසිදු මුදලක් ආයෝජනය නොකරන බවද අදාල සමාගම් ව්‍යාපෘතියට රුපියල් මිලියන 8275ක් ආයෝජනය කරන බවද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය ආණ්ඩු දෙකම කොමිස්වලට හරක් ගෙන්නුව කියල කෝප් කමිටුව හෙලි කලා. හැබැයි දන්න අය දන්නවා ඒ හරක් ලෙඩ හැදිල මැරුණ කියල. මේකට දූෂිත පශු වෛද්‍යවරියක් සම්බන්ධ වුණා කියල මාධ්‍යයෙන් කියවුණා. මේ විදියට කෝටි ගාණක් අපතේ ගියාට විශාල කිරි හිගයක් තියන බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. දශක පහකට විතර උඩදි අයර්ශයර් සහ ජර්සි යන කිරි ගවයින් තුන් දෙනෙක් ඉදලත් ගමටම කිරි සපයන පොල් ඉඩම් අයිතිකරුවන් මීගමුව එහායින් ඇති නගරවලත් හිටියා. කරුණාකර නිර්පාක්්ෂිකවූද ගවයන් සම්බන්ධම විශේෂවූ පශු වෛද්‍ය මණ්ඩලයක ශක්‍යතා අධ්‍යයනයකින් පසු නිවැරදි එතෙර බෝකිරීමේ ස්ථානය තෝරා ගන්න. මේක තවත් මොඩ ක්‍රියාවක්නම් නොවේවා!
මුලු ලංකාවෙම ඒකම දේශගුණයක් නෑ ඒ් ඒ් පළාත්වලට වෙනයි ඒ් නිසා අපේ ලංකාවේ දේශගුණයට ඒළදෙනුන් බෝ කිරීම යෝග්‍යයි නේද
අපේ රටට හරියන හරක් ගෙනාවනම් හරි . ඒකවතාවක් ගෙනනපු හරක් මැරුණා