
(ටී.කේ.ජී.කපිල )
තායිලන්තයේ පැවති කායවර්ධන ක්ෂේත්‍රයේ වෘත්තීය මට්ටමේ ක්‍රීඩිකාවන් සහභාගී වන , I FBB Pro Leaque තරගාවලියට උස සෙන්ටි මීටර් 168 වඩා උස කාණ්ඩයේ , කාන්තා ෆිෂික්ස් සදරේණු පෙරේරා ක්‍රීඩිකාව කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
මෙම තරගාවලිය 30 දින ලෝකයේ වෘත්තීය මට්ටමේ කායවර්ධන ක්‍රීඩිකාවන් 400 ක ගේ පමණ සහභාගීත්වයෙන් තායිලන්තයේ බැංකොක් නුවර පවත්වා තිබුණි .
රණවිරු දියණියක වන කළුතර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තාරකා සදරේණු පෙරේරා රිදී පදක්කම දිනා ගැනීමට සමත් වී තිබූ අතර , මෙම ජයග්‍රහණයත් සමග ඇයට ඇමෙරිකා එක්සත් ජනපදයේ පවත්වන " ඔලිම්පියා "' ජාත්‍යන්තර කායවර්ධන ශූරතා තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව ද හිමි වී තිබේ .
තාරකා සදරේණු පෙරේරා ක්‍රීඩිකාව ඉකුත් 2022 වසරේ පැවති ජාතික ආධුනික කායවර්ධන ශූරතා තරගාවලියේ දී , ජාතික ශූරිය බවට පත් වී සිටියාය .
ඇය පිළිගැනීම සදහා තාරකාගේ මව ඇතුළු පවුලේ සමීපතම ඥාතීන් පිරිසක් සහ ඇයගේ පුහුණුකරු ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
2025 දෙසැම්බර් මස 18
620
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කායවර්ධන ලෝක ශූරිය කටුනායකට
රුවන් Tuesday, 03 December 2024 10:10 AM
මේ වගේ දක්ෂ කාන්තාවන් මාධ්‍යට පේන්නේ නෑ, පේන්නේ අනුයි-කනුයි වගේ අය පමණයි
Ruwan R Tuesday, 03 December 2024 12:04 PM
හදවතින්ම සුබ පැතුම් ...
ලසන්ත Tuesday, 03 December 2024 01:51 PM
ඔව් ඉතිං, මාධ්‍යයෙන් මයික් අල්ලලා ප්‍රචාරය දෙන්නේ, රෙදි ගලවන්න කියපු සහ රෙදි ගලවපු අයට විතරයිනේ! කුණු රසයනේ හොයන්නේ