
(ටී.කේ.ජී.කපිල )
තායිලන්තයේ පැවති කායවර්ධන ක්ෂේත්‍රයේ වෘත්තීය මට්ටමේ ක්‍රීඩිකාවන් සහභාගී වන , I FBB Pro Leaque තරගාවලියට උස සෙන්ටි මීටර් 168 වඩා උස කාණ්ඩයේ , කාන්තා ෆිෂික්ස් සදරේණු පෙරේරා ක්‍රීඩිකාව කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
මෙම තරගාවලිය 30 දින ලෝකයේ වෘත්තීය මට්ටමේ කායවර්ධන ක්‍රීඩිකාවන් 400 ක ගේ පමණ සහභාගීත්වයෙන් තායිලන්තයේ බැංකොක් නුවර පවත්වා තිබුණි .
රණවිරු දියණියක වන කළුතර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තාරකා සදරේණු පෙරේරා රිදී පදක්කම දිනා ගැනීමට සමත් වී තිබූ අතර , මෙම ජයග්‍රහණයත් සමග ඇයට ඇමෙරිකා එක්සත් ජනපදයේ පවත්වන " ඔලිම්පියා "' ජාත්‍යන්තර කායවර්ධන ශූරතා තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව ද හිමි වී තිබේ .
තාරකා සදරේණු පෙරේරා ක්‍රීඩිකාව ඉකුත් 2022 වසරේ පැවති ජාතික ආධුනික කායවර්ධන ශූරතා තරගාවලියේ දී , ජාතික ශූරිය බවට පත් වී සිටියාය .
ඇය පිළිගැනීම සදහා තාරකාගේ මව ඇතුළු පවුලේ සමීපතම ඥාතීන් පිරිසක් සහ ඇයගේ පුහුණුකරු ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දක්ෂ කාන්තාවන් මාධ්‍යට පේන්නේ නෑ, පේන්නේ අනුයි-කනුයි වගේ අය පමණයි
හදවතින්ම සුබ පැතුම් ...
ඔව් ඉතිං, මාධ්‍යයෙන් මයික් අල්ලලා ප්‍රචාරය දෙන්නේ, රෙදි ගලවන්න කියපු සහ රෙදි ගලවපු අයට විතරයිනේ! කුණු රසයනේ හොයන්නේ