(සුජිත් හේවාජුලිගේ)

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 114  වැනි වාර්ෂික සමුළුවට සහභාගි වීම සඳහා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස ඊයේ දිවයිනෙන් පිටත්ව ගියහ

මෙම සමුළුව ලබන 12 වැනිදා  ජිනීවා නුවරදී ආරම්භ වේ

රජය, සේවා යෝජකයන් සහ කම්කරුවන් නියෝජනය කරන ත්‍රයි පාර්ශවික නියෝජිත පිරිසක් මීට සහභාගි වෙති.

සමුළුවට සහභාගි වීමෙන් ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන් සහ ක්‍රියාකාරකම් පිළිබඳව අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්  වැඩ ලෝකයේ මතුවන නව ප්‍රවණතා සහ අභියෝග සම්බන්ධ ගෝලීය සංවාදය සඳහා දායක වීමටත් ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවේේ.