
(යොහාන් භාසුර)
කොළඹ නගරය ආශ්‍රිතව පවතින දැඩි වාහන තදබදයට පිලියම් ලෙස විනිසුරු අක්බාර් මාවතේ සහ උත්තරානන්ද මාවත්වල ඉදිවන ද්විත්ව ගුවන් පාලම්වල ඉදිකිරීම්වල වර්ථමාන තත්ත්වය සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පසුගියදා නිරත විය.
මෙම පාලම් දෙක ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 5270 ක් හෙවත් කොටි 527 ක් වැය කරයි. විනිසුරු අක්බාර් මාවතේ ඉදිකරන ගුවන් පාලම දිගින් මීටර 207 ක් සහ පළලින් මීටර 8.4 ක් වන අතර උත්තරානන්ද මාවතේ ඉදිකරන ගුවන්පාලම දිගින් මීටර 396 ක් සහ පළල මීටර 9.4කි.
මෙම ගුවන් පාලම් දෙක එකිනෙක සම්බන්ධ කිරීම සඳහා ඉදිකරන ගුවන්පාලමේ දිග මීටර 310 ක් වන අතර එහි පළල මීටර 6.9 කි.
මැලේ වීදියෙන් ප්‍රවේශය ලබා ගන්නා විනිසුරු අක්බාර් මාවතේ ඉදිකරනු ලබන ගුවන් පාලම කොම්පඤ්ඤ වීදියේ දුම්රිය හරස් මාර්ගය හරහා ඉදිකිරිමේදී එය මීටර 5.3ක් උසින් ඉදිකරනු ලබයි. මැලේ වීදියේ සිට කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානය දක්වා ඇති ගුවන් පාලමේ පහළ කොටසේ වාහන නවතා තැබීම සදහා රථගාලක් ඉදිකිරීම කෙරෙහි අමාත්‍යවරයාගේ අවධානය මෙම නිරික්ෂණ චාරිකාවේදී යොමු විය.
රථගාල ඉදිකරන මාර්ග දෙපස කන්ටේනර් රථ ගමන් කිරිම සදහා සේවා මංතීරු ඉදිකිරීමට නියමිතය.
උත්තරානන්ද මාවතේ ඉදි කරනු ලබන ගුවන් පාලමට සමගාමීව මාර්ගය දෙපස ඇවිදින මංතීරු ඉදිකිරීම කෙරෙහිද මෙහිදී අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.
මෙම අවස්ථාවට මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්.ආර්. පේමසිරි, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ, ව්‍යාපෘති භාර අධ්‍යක්ෂ නලින්ද රත්නායක යන මහත්වරු ඇතුළු ඉදිකිරිම් භාර කොන්ත්‍රාත් සමාගමේ නියෝජිතයෝ සහභාගි වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට පුරාම ගුවන් පාලම් ඉදිකළ යුතුය. නමුත් ණය ලබාගත යුතු නැහැ. ඒවයින් කොමිස් ලබාගන්න නිසා පොහොර අවශ්‍ය නොවේ. පාලම් කෑමට පුළුවන.
තව ලොකු හොරෙක්... නමුත් ලංකාවේ 69 පැතුම මෙයයි..!!!
රථගාලක් දැම්මොත් ඉස්සෙල්ලාම අරක් ගන්න ත්‍රීවීල් කාරයෝ... හැම කාර්පාක් එකකම මේ ත්‍රීවීල් කාරයින් අරක්ගෙන ඉන්නවා...