
(රංජිත් රාජපක්ෂ)
ගිනිගත්හේන නගරයේ අනාරක්ෂිත වෙළඳ සලක ආහර ලබාගැනීම සඳහා ගිය සිසුන් හය දෙනකු එහි ලී තට්ටුවක් කාඩ වැටීමෙන් අනතුරට ලක්වී ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
අද උදෑසන මෙසේ අනතුරට ලක් වී ඇත්තේ අඹගමුව විද්‍යාලයේ දහය ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් හය දෙනකු වන අතර ගිනිගත්හේන නගරයේ බාහිර පන්තියකට සහභාගීම සඳහාහා පැමිණ ආහාර ලබා ගැනීමට මෙම හෝටලයට ගිය බව ඔවුන් ප්‍රකාශ කර ඇත.
එහෙත් හෝටලයේ අනාරක්ෂිත බිම් මහල තුළ රැඳී සිටියදී එහි ලී පොළොව කඩා වැටී අඩි 15කට පමණ බෑවුමකට මෙම සිසුන් හය දෙනා පෙරළීගොස් අනතුරට ලක්වී ඇතැයි පොලිසිය කියයි
දැඩි ලෙස අබලන්ව අනාරක්ෂිත මෙම හෝටලයේ බිම්මහලේ මෙම අනතුර සිදුවීමත් සමගම ප්‍රදේශවාසීන් විසින් සිසුන් රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වනවිට හෝටලය වසා දමා ඇති ගිනිගත්හේන පොලිසිය වැඩිදුර විමර්ශනන සිදුකරයි .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොල්ලන්ගේ දාන්ගලේ... මගේ කඩේ කඩන් වැටුණා. හත්වලාමේ වෙච්චි දෙයක්...
නියම පරීක්ෂණයක් නැතිව, කීයක් හරි අතමිට මොලවලා, අවස ලබාගන්න මේ පෙට්ටි කඩ නිසා, වන්දි ගෙවන්න වෙන්නේ මේවාට එන මහජනතාවටයි. ඔය අට මගුල, ඉක්මනට කඩා දමන්න. ජීවිත හානි වීමට ඉස්සර...!!!
ගිනිගත් හේනේ, නාවලපිටිය සහ කොළඹ පාරේ සියලු කඩ අනතුරුදායකයි. ගොඩනැගිලි පර්යේෂණයෙන් විධිමත් පරීක්ෂණයක් කර මේවට නැවත අවසරය දීමට සලකා බලන්න.