
(ශාන්ත රත්නායක)
පුද්ගලික සේවා මධ්‍යස්ථානය, කම්කරු අරගල මධ්‍යස්ථානය සහ නිදහස් උදෙසා කාන්තා ව්‍යාපාරය සංවිධානය කරන ලද උද්ඝෝෂණය කම්කරු අමාත්‍යංශ ඉදිරිපිට අද (19) පැවැත් විය.
ආයතනය තුළ රැකවරණය, වාහන ගැටලු හා සමාජයීය ගැටලු නොවිසඳා,කාන්තාවන් රාත්‍රී සේවයට කැඳවීමට එරෙහිව හා පාසල් දරුවන් වහල්කමට දැක්කීමට එරහිව ඔවුන් විරෝදය පල කලහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා හා තෙල් නැති කළා... මේ ටික ගිහින් ගොන් කරත්තෙට බැන්දා නම් හොඳයි...
මේ රටේ රාත්‍රී සේවාව සඳහා කාන්තාවන් යෙදවීම ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ නොහැකි දේ පවා ඇත.ඇතැම් ආයතන තුළ ඉහළ තනතුරු දරන්නන් කාන්තාවන් ගෙන් සේවයට අමතරව තවත් දේ බලාපොරොත්තු වෙයි.මෙවන් අවස්ථාවන් වලදී එම අසරණ කාන්තාවන් කිවනොහැකි තරම් මානසික පීඩනයකට ලක්වීම හේතුවෙන් ඔවුන්ගේ ජීවන රටාව අවුල්වී යයි.ඉහළ තනතුරු දරන්නන් හට අවනතවීම සිදුනොවුන හොත්,එය ඔවුන්ගේ රැකියාවට විශාල තර්ජනයකි. අවනත වීම සිදුවුව හොත් එය ඔවුන්ගේ පවුල් අවුල්වීම් දක්වාත් යා හැකිය.කරුණු මෙසේ හෙයින් රාත්‍රී කාලයේදී සිය සේවාව සඳහා කාන්තාවන් යෙදවීම පිළිබඳ සුරක්ෂිත වැඩ පිළිවෙලක් සකස් කළ යුතුය.එසේම,පාසල් දරුවන් වහල් සේවය සඳහා යොදා ගැනීමට එරෙහිව නිසි අයුරින් කටයුතු කළ යුතුය.ඒවා නැවත සිතා බැලීම සඳහා මෙවන් සාමකාමී උද්ඝෝෂණ සිදුකළ යුතුය.