IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


කෑම සටනින් මැතිසබේ සේවකයෝ ජය ගනිති

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රැපියල්  3600ක් දක්වා ඉහළ දැමුණු පාර්ලිමේන්තු සාමාන්‍ය සේවකයන්ගේ  මාසික කෑම  බිල  රුපියල් 2500ක් දක්වා රුපියල් 1100  කින් අඩු කිරීමට පාර්ලිමේන්තු ගෘහ්‍ය  කාරක සභාව අද (23)  තීරණය කළේය.

පාර්ලිමේන්තු සේවකයන්ගේ මාසික කෑම බිල ඊයේ (22) වනතුරු පැවැතියේ රුපියල් දහසක් වශයෙනි.

එම මුදල රුපියල්  3600ක් දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව ඊයේ (22) තීරණය කළේය.

මාසික කෑම බිල එපමණ  ප්‍රමාණයකින් වැඩි කිරීමට පාර්ලිමේන්තු සේවකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වීම හේතුවෙන් පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව ඊයේ හදිසියේ  රැස්වී එම මුදල  රුපියල් 1100  කින් මෙසේ අඩු කළ බව  පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

පාර්ලිමේන්තු සේවකයන්ගේ සහ නිලධාරීන්ගේ මාසික කෑම බිල වැඩි කිරීමට පෙරේදා යෝජනා කර ඇත්තේද පාර්ලිමේන්තු නිලධාරීන්  විසිනි.

කෙසේ වෙතත්  රුපියල් 1500 සිට  4000 දක්වා වැඩි කෙරුණු පාර්ලිමේන්තු විධායක නිලධාරීන්ගේ කෑම  බිල වෙනස් නොකිරීමටද තීරණය කර ඇත

මාධ්‍යවේදීන්ට සහ පාර්ලිමේන්තුවේ  පොලිස් නිලධාරීන්ගේ කෑම බිලද  වෙනස්  නොකෙරේ.



අදහස් (11)

කෑම සටනින් මැතිසබේ සේවකයෝ ජය ගනිති

Lal Friday, 23 May 2025 07:21 PM

පිං පඩි කාරයන්ට පිනට දන්සල්...

:       1       42

රනිදුSaturday, 24 May 2025 04:08 PM

ඇයි මාධ්‍යවේදීන්ට ජනතා මුදලින් සහන මිලට කන්න දෙන්නේ?

:       0       3

PGPThilak Friday, 23 May 2025 07:29 PM

ඕවා සටන් නොවෙයි මහ දවල් බලහත්කාරයෙන් මහජන මුදල් මංකොල්ල කෑම්! ආණ්ඩු පුරවැසියන්ගේ බදු මුදල්වලින් වරප්‍රසාද ලත් තක්කඩි රැලකට අල්ලස් දෙමින් මහජනයා රවට්ටනවා!!

:       2       44

Nandalal DE SILVA - France Friday, 23 May 2025 09:23 PM

මොකක් හරි අංචියක් ඇදලා..., මැති සබේ සේවකයින්ට මාර පරිප්පුවක් කවලා, පාර්ලිමේන්තු කාරක සභාව... ඔවුන්ගේ බත්පතට ගහන්න හදපු එකෙන් එම සේවකයන් ජයගැනීම අගය කළ යුතුය.

:       47       8

B Amarasinghe Saturday, 24 May 2025 03:46 AM

මාසෙකට 3600යි. දවස් 21ක් වැඩට ගියොත් එක දවසකට වෙන්නේ 175/- වේල් එකකටද? නැත්නම් උදේ දවල් හවස තුනම දෙනවද? කාවද මේ රවටන්නේ?

:       1       2

වන්නකු Saturday, 24 May 2025 06:54 AM

අපේ සල්ලි වලින් පිණට කන බඩජාරියෝ. මොවුන්ට ලැජ්ජා නැති හැටි...!

:       1       2

පුංචා Saturday, 24 May 2025 07:39 AM

මාධ්‍යවේදීන්ටයි, පොලීසියටයි දෙන්නේ කීය ගානේද ?කියලා දාන්න පුළුවන් කම්. මම අභියෝග කරනවා.

:       0       2

සෙනෙ Saturday, 24 May 2025 08:57 AM

මාසයකටම රුපියල් 1000 යි ? හිතන්නටත් බැරි ගානක්නේ, 1000/30= 30.33.

:       0       5

නිහාල් Saturday, 24 May 2025 10:35 AM

අපි පත් කරලා යවන අය නිකම් කන්න දෙන්න ඕනෑ මදිවාට ඒ තැන සේවකයින්ටත් නිකම් කන්න දෙන්න වෙලා රටේ මිනිස්සුන්ට...

:       1       2

nipuna Saturday, 24 May 2025 10:56 AM

අසාධාරණ ගණන් වලට මෙහෙම කන අයට යන කෑම දිරවන්නේ නැතුව බඩ යන්න ඕනෑ...

:       1       4

රසික Saturday, 24 May 2025 03:19 PM

වියදම පියවා ගැනීමට මිල තීරණය කිරීම එයාලට අදාළ නැද්ද එතකොට...?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 69 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 480 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 248 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site