(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලංකා ආර්ථිකය ඝාතනය කිරීමට වගකිව යුතු අජිත් නිවාඩ් කබ්රාල් ලියූ පොතට ඝාතකයාගේ ඝාතකයා යනුවෙන් නම් තැබිය යුතු බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
එදා මේ තීන්දු තීරණ ගනිද්දී අජිත් නිවාඩ් කබ්රාල් රාජ්‍ය ඇමතිවරයා පාර්ලිමේන්තුවේ මොනතරම් මුසාවාද කිව්වා දැයි අැසූ විජිත හේරත් මහතා ආර්ථිකයේ කිසිම ගැටලුවක් නැතැයි ද බයවෙන්න එපා සල්ලි තියෙනවා යැයි පැවසූ බවද කීය.
අර්බුදය ඇතිවෙලා ජනතාව කබලෙන් ලිපට වැටුනාට පසු දැන් ආර්ථික ඝාතනය පිළිබඳ පොත් ලියන බවද මේක ලෝක විහිළුවක් බවද විජිත හේරත් මහතා සඳහන් කළේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කබ්රාල්ගේ පොතට විජිතගෙන් අලුත් නමක්
කැරකෙන මාලිමාව.. Friday, 09 December 2022 03:28 PM
ජාතික ජන බලවේගයේ නමත් එහෙමනම් ""අරගලේ අරගලයා"" යනුවෙන් නම් තැබිය යුතු බව පැත්තක් නැතිව කැරකෙන මාලිමාව පෙන්වා දෙයි..!
sharm warn Friday, 09 December 2022 04:25 PM
කබ්රාල් ගෙ වැරදි කියන්න කොන්ද පන නෑ.. අනිත් උන්ගෙ පස්ස පැත්ත පෙන්නන්න නම් පෑ මොඩ හරක් හරිම දක්සයි.. ඊට පස්සෙ සේසතම හොරු ටික මහ දවල් මංකොල්ල කන එක බලාගෙන උන්ටම ප්‍රශස්ති ගායනා කරනවා.. මෙ රටට මෙහෙම වෙලා මදි..
Rohana Friday, 09 December 2022 08:08 PM
පොත් ලිව්වට වැඩක් නෑ. ආර්ථිකය නන්නත්තාර කිරීමට වගකිවයුතු අයගෙන් කෙනෙක් තමයි කබ්රාල් කියන්නෙ. ආර්‍ථිකය පතුලටම වැටුනත් ඒව ගානට යටගහල ආර්ථිකය හොදින් ගමන්කරන බවට බොරුබේගල් දෙසුවේ කබ්රාල් බව කවුරුත් මතක තබාගත්තොත් හොදයි.
SUNIL MILANO Friday, 09 December 2022 10:21 PM
මෙයා කියන කතාව ඇත්ත උනත් සැබෑම ඝාතකයින් නම් මේ ජෙප්පෝ.