
(අංජුල මහික වීරරත්න)
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
කැබිනට් මණ්ඩලය විසිපහකට සීමාවන බවත් ඇතැම් අමාත්‍යාංශ සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන්ද පත්කිරීමට නියමිත බවත් රජයේ ප්‍රකාශකයෙක් පැවසීය.
දිවයිනේ සියලු දිස්ත්‍රික්කවලට සාධාරණයක් වන පරිදි කැබිනට් අමාත්‍ය ධුර පත්කිරීමට නියමිතව ඇති අතර අමාත්‍ය දුර ලබාදීමේදී විෂය දැනුම සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කරන බව රජයේ ප්‍රකාශකයා කීය.
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියෝජ්‍ය අමාත්‍යවරු කියන්නේ ප්‍රෝඩාවක්... ඒවට පත්කරන්න ඕනේ ලේකම්ලා... බොරු වැඩ... හිතවත් අයට දෙන නිලතල මේවා...
සෝවියට් රුසියාව ලෝකයේ විශාලම රාජ්‍යයක්... එම රටේවත් අපේ රටේ තරම් මැති ඇමැතිවරු නැහැ.
Pakeer ඔබේ නමේ හටියටම උත්තරයක් දීලා, රාජ්‍ය ඇමැතිකම් තමයි ගහගෙන කන්න දීපු තනතුරු, නියෝජ්‍ය කියන්නේ ලෝකේ හැම රටකම තියෙනවා. අනෙක හිතවතුන් වුණත් මන්ත්‍රීවරු, මේ බලවේගයේ එහෙම හිතවතුන් නැහැ... සුදුස්සා තමයි හිතවතා...!
කළින් ආණ්ඩු කරපු අයට කඩේගිය අයගේ ප්‍රතිචාර දැක්කාම හිනාත් යනවා.
ස්වේච්ඡාවෙන් හෙවත් නොමිලයේම, කිසිම වැටුපක්, වරප්‍රසාදයක් හෝ බදුගෙවන මහජනතාවගේ සතයක්වත් හෝ සිය මඩියට දමා නොගෙන රටට සේවයක් කිරීමට පුළුවන්, අවංක මනුෂ්‍යයින් ජාතික ජනබල පක්ෂයේ සිටී නම්, ඒ සියළු දෙනාටම ඇමැතිකම් දුන්නාට රටවැසියා විරුද්ධ නොවනු ඇත....