
(සුජිත් හේවාජුලිගේ )
රජයේ කාබනික වගා ව්‍යාපෘතිය විවේචනය කළ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා එම තනතුරින් ඉවත් කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලංකාදීපයට පැවැසීය.
මෙම නිලධාරියා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම විෂය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු බවද හෙතෙම සඳහන් කළේය.
මොහු කෘෂිකර්ම අමාත්‍යාංශයේ කටයුතු කරමින් රජයේ කාබනික වගා ව්‍යාපෘතිය දැඩි ලෙස විවේචනය කරමින් සිටින බවට විවිධ පුද්ගලයන් හා සංවිධාන ගණනාවක් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කරුණු පෙන්වා දී ඇත. ඔහු එම තනතුරෙන් ඉවත් කිරීමට ඇමැතිවරයා තීරණය කර ඇත්තේ ඒ අනුව ය.
අමාත්‍යංශයේ තනතුරක් දරමින් කෘෂිකර්ම ප්‍රතිපත්ති සාදන අතරේ එම ප්‍රතිපත්ති විවේචනය කිරීම බරපතළ වරදක් බවද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.
මෙම නිලධාරියා ඉවත් කිරීමට හෙට (26) කටයුතු කරන බව කෘෂිකර්ම ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රතිපත්ති සම්පාදන කමිටුව නිවැරදි දිශානතියට ගෙනයාම වරදක් වන්නේ කෙසේද? රජයේ ප්‍රතිපත්ති තිබේ නම් ආයිමත් සම්පාදන කමිටු කුමටද? කමිටුවම විසුරුවා හරින්න ඇමැති තුමෝ
අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය රකින්නට කටයුතු කිරීම් ගැන බොහොම ස්තුතියි ඇමතිතුමා. ඔහු කවුද.. ඔබතුමාගේ දැනුමට ගහන්න?
ඔට්ටුයි එතුමා නඩුවක් දැම්මොත් සහ සාධාරණ නඩු විභාගයක් තිබ්බොත් ඔබට තමයි ගෙදර යන්න වෙන්නේ.
අමාත්‍යවරයා ගැන මට විශ්වාසයක් නෑ හැබැයි ලෝකේ ප්‍රධාන පෙලේ සමාගම් වලට වැඩිපුරම කඩේ යන්නේ නම් මහාචාර්යවරු බව මම අත් දැකීමෙන්ම දන්නවා . බෙහෙත් සමාගම් වලට කඩේ යන දොස්තරවරු පොහොර සමාගම් වලට කඩේ යන කෘෂිකාර්මික ලොක්කෝ දේශපාලකයන්ට ආයුධ හදල දෙන විද්යාඥවරු ලෝකේ හැමදාම් හිටියා.
තමන් වැරදි යැයි සිතන දේ ප්‍රකාශ කිරීම ගැන මම මහාචාර්යවරයාට ආචාර කරමි. (සහ ඔහු සිතන දේ නිවැරදියි). සංවර්ධිත රටවල මෙය "ශාස්ත්‍රීය නිදහස" ලෙස හැඳින්වේ. ලංකාවේ උගතුන්ට තම අදහස් ප්‍රකාශ කිරීමට දැන් නිදහසක් නැති බව පෙනේ. සාමාන්‍ය බුද්ධියක්වත් නැති වැඩකට නැති දේශපාලකයින් (උදා: විෂය පිළිබඳ සාහිත්‍යය සමාලෝචනය කරන්න). "ඓන්ද්‍රීයව" වගා කළ හැක්කේ සීමිත බෝග පමණි.
ඉංශුවරන්ස් ඒජන්ත ලා කෘෂිකර්මය පිළිබඳව ඇමැති වෙලා කෘෂිකර්මයේ ඉන්න මහාචාර්යවරු රස්සාවෙන් දොට්ට දානවා.. මරු රටක් මේක...
විද්‍යාත්මක ක්‍රමවේද තර්කනුකුලව ඉදිරිපත් කරන විද්වතුන්ට අද මේ රටේ වෙලා තියෙන ඉරණම මේකද. විද්වතුන්ට රට හැර යන්න නේද මේකෙන් වෙන්නේ.
ප්‍රතිපත්ති සම්පාදක උපදේශක මණ්ඩලය සිටින්නේ ඇමැති ට ඕන දේ ජනතාවට කීමටද? රජය වැරදි නම් ඔවුන් විසින් ඒ මත ම ඔස්සේ ගොස් ජනතාව නොමග යැවිමටද ? අත්තනෝමතික වැඩ වලින් මෙවැනි රටක් වටින බුද්ධිමතුන්ගේ රට හැරයාම උත්තේජනය වනවා
බලහත්කාරයෙන් කාබනික කෘෂිකර්මාන්තය ගොවීන්ට අවශ්‍ය නොවේ. අකාබනික කෘෂිකර්මාන්තය වගා කිරීමට කැමති ගොවීන්ට ගුණාත්මක යූරියා පොහොර ලබා දෙන්න. රජය කාබනික කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය නම් වැඩි දිරිගැන්වීම් ලබා දෙන්න. ගොවීන් භාවිතා කරන්නේ නැනෝ නයිට්‍රජන්, කෘමිනාශක, වල්නාශක සහ වෙනත් රසායනික ද්‍රව්‍ය කාබනික කෘෂිකර්මාන්තයක් නොවේ. O/L අසමත් ඇමති ලංකාවට අවශ්‍ය නැත.
මේ ආන්ඩුව කෘශිකර්මය ගැන උපදෙස් ගන්නේ දොස්තර පාදෙනිය, රතන හාමුදුරුවො වගේ අති විශිශ්ඨ අයගෙන්. ඉතින් මේවගේ කෘශිකර්මය පිලිබද මහාචාර්යවරු මොකටද?
මට නම් පේන්නේ ඇත්තටම වැරැද්ද මහාචාර්යතුමාගෙම තමා කියලා. මෙවැනි මෝඩ, නූගත්, තක්කඩි ඇමතිල යටතේ වැඩ කරන්න යන්නේ මොන සිහියකින්ද!!! මීට ටික කාලයකට කලින් වී අලෙවි මණ්ඩලයේ සභාපතිත් අස් වෙලා ගෙදර ගියා, මොවුන් සමග කිසිම සිහි බුද්ධියක් තිබෙන මනුස්සයෙක්ට වැඩ කරන්න බෑ කියලා. මේ රජය උගතුන් රජ කරවන වියත් මග කියලා බෙර ගගහා බලයට ආවට, මේ රජයෙන් වැඩිපුරම වින කලේ රටේ ඉන්න උගත් බුද්ධිමත් පිරිසටම තමා. උගත් බුද්ධිමත් මිනිස්සු බුරුතු පිටින් රට දාල යන්නේ.
විද්වතකුට ඇත්ත කතා කරන්න බැරි තත්වයක් නිර්මාණය වෙමින් තිබෙන්නේ.
ගරු. ඇමතිතුමනි, ඊනියා කාබනික පොහොර සඳහා ආනයනය කිරීමේදී තවත් බාල්දි වැටෙනු ඇත. එය අනාගත සෞඛ්‍ය උපද්‍රවයක් නොවේ නම්, ශ්‍රී ලාංකික පුරවැසියන් අනිවාර්යයෙන්ම අනුගමනය කරනු ඇත.
ලජ්ජා නැති වියත්තු අතර තමන්ගේ ලාභ ප්‍රයෝජන සඳහා ඕනෙම දෙයක් කීමටත් සහ කිරීමටත් සැදී පැහැදී නොසිටීමේ පිංකම කිරීම නිසා මහාචාර්ය මාරඹේ ඉවත් කිරීම පුදුමයක් නොවේ. ඔහු කව්ද ඔහු කරන සේවය කුමක්ද දන්නෝ දනිති. මෙවන් නියම වියතුන්ගේ වටිනාකම ගැන අවබෝධයක් නැති මැටි ඇමතිගෙන් හා ඔහුගේ ඉහල නියෝග දෙන්නන්ගෙන් කීමක් බලාපොරොත්තු වෙන්නද? බොල් පිළිම අතර ගල් පිළිමත් තිබෙන බව පසක් වෙන්නේ මහාචාර්ය මාරඹේ සැබෑ වියතුන්ගෙනි.
ඔය කියන ප්‍රකාශ කර තිබෙන්නේ ඒ අදාල කමිටු රැස්වීම් වලදී හෝ අදාල පුද්ගලයන් සමගද, නැත්නම් එළියේ වෙනත් තැන්වල කරපු කතාද යන්න උඩ ආයතන සංග්‍රහය බලපානවා. මෙය කලින් වතාවකත් ජයරුවන් බණ්ඩාර ඇතුළු තවත් රජයේ සේවකයන් සම්බන්ධව ලංකාදීපය සහ අනික් ෆෝරම් වල කතා වුණු දෙයක්. තමුන් වැඩකරන ආයතනයේ ඉඳගෙන එය පිටදී විවේචනය කිරීම කොයි ආයතනයේ වත් ඉඩ නොදෙන දෙයක්. රජයේ සේවයත් එහෙමයි. වෘත්තීය සමිති වල තමයි ඒ වගේ දේවල් කරන්නේ. නමුත් තමුන්ට ආයතනය හරි මගට ගන්න විදිහක් නැත්නම් ඒ තනතුරුවලින් ඉවත් වෙලා විවේචනය කරන්න පුළුවන්. මම මේ මහාචාර්ය මාරඹේ රටට ආදරේ නෑ කියනවා නෙවෙයි නමුත් ලෝකයේ කොහෙත් තිබෙන අපේ රටෙත් තිබෙන ආයතන සේවකයන් හැසිරීමේ නීති මාලාව ගැන කියනවා විතරයි.
මහාචාර්ය තුමා බල්ලොත් එක්ක බෑ කියල දැනිලා ඔබතුමා සිංහනාද කරපු එක අපි අගේ කරනවා.
රටක ජාතික නිෂ්පාදනයේදී කාබනික ගොවිතැන කියලා ඔය තැන තැන වල කොළ ගොඩවල් පිදුරු ගොඩ ගහලා දිරන්න ඇරලා ඒවා දාලා ශාක පෝෂක ලබා දෙන්න නම් අලුත්ගම මහත්තයෝ සෑහෙන කාලයක් යාවි. එක හරියන වැඩක් නෙමෙයි. ඔහෙලට ඉස්සෙල්ලාම කරන්න තිබුනේ අලුත් තාක්ෂණයෙන් කාබනික පොහොර හදාලා ඒවායේ පෝෂක නිස්සාරණය කරලා පහසුවෙන් පරිහරණය කරන්න හැකි කරන්නයි. දියුණු රටවල එහෙමයි කරන්නේ. මේක අනාගත්තා. දැක්කනේ අර චීනයේ අක්කර ගානක ෆැක්ටරි තියෙන්නේ. මේක ඔක්කොම අවුල් කර ගත්තා. මහාචාර්ය බුද්ධි මාරඹේ කියන්නේ මේ ඔහෙලා වගේ මිනිස්සුන්ට මෙහෙම හෑල්ලු කරන්න පුළුවන් අය නෙමෙයි. අන්න එක මතක තියා ගන්න.
කෘෂිකර්ම මහාචාර්යවරු මොකටද කෘෂිකර්ම ප්‍රතිපත්ති හදන්න. දොස්තර පාදෙණිය, රතන හාමුදුරුවො වගේ සර් හා රට වර්තමාන හා අනාගත සෞභාග්‍යය සඳහා ගෙන යන කෙනෙක් පත්කර ගන්න. බුද්ධියෙන් තොරව වකුගඩුවෙන් හිතන්න පුරුදු වෙන්න.
බුද්ධි මාරඹේ මහාචාර්යතුමා ක්‍රියාකළ ආකාරය නිවැරදි නම්, ඊට විරුද්ධවීම ඉතිරි නිලධාරීන් ද කලයුතු කාර්යයකි. එයින්ම බලාගන්න පුළුවන් රටට ආදරේ කවුද තමන්ට ආදරේ කව්ද කියලා.?
හරි නම් බුද්ධි මාරඹේ මහාචාර්යතුමා කල යුතුව තිබුනේ එම තනතුරින් ඉවත් වීමයි. වැඩේ වැරදි නම් මොකටද පඩි අරගෙන එතන වැඩ කරන්නේ?
මාරඹේ මැතිතුමා විවෙචනය කලේ මොනවා කියලද ඒ ටිකත් කිව්වොත් කවුද හරි කියන්න පුළුවන්
අවුරුදු ගානක් සැලසුම් කරලා කරන්න ඕන දෙයක් එක රැයෙන් කරලා අනාගත්තු හැටි.
මාරඹේලා වගේ මිනිස්සුන්ට ඔහොම වෙලා මදි. මේ මහින්දානන්ද වගේ අට පාස් අය එක්ක වැඩ කරන්න යනවට.
ඇමතිතුමනි ,දිස්ත්‍රික්ක මට්ටමෙන් සුළු ,මාධ්‍යම හා මහා පරිමාන ලෙස රසායනික පොහොර භාවිතයෙන් තොරව ගොවිතැන් කරන ගොවීන්ට ලොකු ත්‍යාග මුදල් ලබා දෙන්න කටයුතු කරන්න .එවිට ඩොලර් වලට කඩේ යන කොටසට ඒ අහිංසක ගොවියන් බිලි බා ගන්න පුළුවන් කමක් නැහැ .ඔවුන්ට තෑගි ලෙස රුපියල් මිලියනයක් ලැබෙනවා නම් වැඩි දෙනෙක් ගොවිතැනට එයි
අපේ සර්ගේ කෘෂිකර්මය නගාසිටුවන තවත් හොඳ වැඩක්... තව අවුරුදු 03න් රටට අබ සරණයි...
එතකොට අර ඔබේ අනුරුව සහිත පඹයො හදල දස වද දෙන ගොවි මහත්තරැන්ට මොකද කරන්නෙ.පුලුවන්කමක් තිබුණ නම් බලන්න තිබුණ ගොවි මහත්තරුන්ටත් කරන වැඩේ.
අත්වූ ඛේදවාචකයක ඉරණමක පෙර ලකුණුද මේ ?
ලුම්බිණි හරි. එතන ඉඳන් පඩි ගන්න ගමන් ඒ ආයතනය විවෙචනය කරන්න බෑ. එතනින් අයින් වෙලා කරන්න. ඒ වගේම හරිදේ හරියට කරන්න, කියන්න. දේශපාලන කැමති අකමැතිකම් උඩ විවේචනයත් එපා.
ලලිත් අම්බලන්ගොඩ මහතා වෙත. ගොවි මහත්වරුන් අමාත්‍යංශයේ සේවකයන් නෙවෙයි. ඔවුන් ස්වාධිනයි. ඒ නිසා පොදු දේපලට හානි නොකරන තාක් කල් ඔවුන් මහින්දානන්ද විතරක් නෙවෙයි මුලු ආන්ඩුවේම අයගේ පඹයන් නැටෙව්වාට කාටවත් කරන්න දෙයක් නෑ. අමාත්‍යංශයක රජයේ හෝ පුද්ගලික තැනක වැටුප ගන්නා අයට තමයි ඔය නීති අදාල වන්නේ. ඇත්තෙන්ම මහාචාර්‍යවරයකු වෙන්න තරම් උගත් අධ්‍යාපනයක් තිබෙන කෙනෙක් ඒ ගැන දැනුමක් නැත්තේ එතුමා වියතෙක් නිසාද මන්දා. රජයේ හෝ අනික් මධ්‍යම සහ විශාල ප්‍රමානයේ පුද්ගලික අංශ සේවකයෝ නම් ඕවා දන්නවා, රස්සාව ගන්නකොට කොල අත්සන් කරන නිසා.
මෙතන ඉන්දික කියලා මහත්මයෙකු පවසනවා ඉංශුවරන්ස් ඒජන්ට් කෙනෙක් ඇමතිකම් කිරීමේ ප්‍රශ්නය. ඒ ප්‍රශ්නය දේශපාලනයේ ගොඩක් තැන්වල තිබෙනවා. හොඳට හිතන්න මහින්දානන්ද විතරක් නෙමෙයි... ඔය වගේ නුසුදුසු කියන්න වෙන්නේ. සිරිසේන කුරේ, ප්‍රේමදාස ජනාධිපතිතුමා වැනි අය මුකුත්ම රැකියාවන් නොකර දේශපාලනයට ආපු අය. ඔවුන්ගේ අධ්‍යාපන පසුබිම් ගැන පවා අපි දන්නේ මොනවද? සාමාන්‍ය පෙළ විභාගය හෝ සමත් කියලා අහලා තිබෙනවද? සාමාන්‍ය පෙළ පවා අසමත් අය එංගලන්තයේ ඇමරිකාවේ ගිහින් වෙනත් ක්‍රමවලින් විශ්ව විද්‍යාල ගියාම ඒ අයවත් අපි ලොකුවට පිළිගන්නවා. මහින්දානන්ද මගේ කවුරුවත් නෙවෙයි අඩුපාඩු එමටයි... නමුත් ඔහුව සහ ඔහුගේ පවුල් තත්වයේ අයට අපි ටොකු අනින ගමන් සල්ලි ටිකක් නිසා හෝ පවුල් තත්ත්වය නිසා දේශපාලනයට ආවා.. සාමාන්‍ය පෙළ විභාගය පවා හරියට නොකරපු ඕන කෙනෙක්ට වඳිනවා. ජරා වැඩේට බනින්න. ඒක හරි. නමුත් විශ්ව විද්‍යාල ගියා කියලාම මිනිස්සු හරි වෙන්නෙත් නැහැ. අපේ රටේ බිබිලේ පැණි දොඩම් වගාව විනාශ කරෙත් ඔහොම ඕස්ට්‍රේලියාවේ ගිහින් ශිෂ්‍යත්ව මගින් ආචාර්ය උපාධිය කළ උගතෙක්... ඒ නිසා අපි කතාවේ අග මුල හොයලා නියම ප්‍රශ්නය සොයා බලමු.
කොසොල් රජ්ජුරුවන්ගේ සිහින සැබෑ වීමක්